පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේ පසුගිය 17 වනදා පටන් අද දින දක්වා පුරා දින නමයක් පැවති අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මහා තෙද ඇති, මහා බල ඇති, මහා අනුකම්පා ඇති, ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය අදින් අවසන් වුනා.

අද දිනත් බොහෝ සැදැහැවතුන් පිරිසක් දිවයිනේ නන් දෙසින් මෙම ධාතූන් වහන්සේලා දැකබලා වැඳපුදා ගැනීම පිණිස සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව වෙත පැමිනුනා. මෙම දින හත පුරාම උදෑසන 7 සිට 8 දක්වාත් දහවල් 1 සිට 2 දක්වාත් රාත්‍රී 7 සිට 8 දක්වාත් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් ගර්භනී මාතාවන්ටත් සිඟිති දූදරුවන්ටත් සෙත් පතා අංගුලිමාල පිරිත සජ්ඣායනා කොට පිරිත් පැන් හා පිරිත් නූල් ලබා දෙනු ලැබුවා.

අද දින මල් සැරසිලි හා පූජා ද්‍රව්‍යයන් පිළියෙල කරලු ලැබුවේ අනුරාධපුර ධම්මචේතිය අසපුවෙහි පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් සහ එම අසපුවට සම්බන්ධ දායක පින්වතුන් විසිනුයි. මෙම දින හත පුරාම පොල්ගහවෙල මහමෙව්නාව අසපුවේ උපස්ථාන කමිටුවත් යොවුන් බෝධිඥාන සභාවත් මෙම පින්කමේ කටයුතු සාර්ථක කරගැනීම පිණිස මහත් වෙහෙසක් ගනු ලැබුවා.

මෙම පින්කම වෙනුවෙන් නන් අයුරින් ආධාර උපකාර කළ සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් සියලු ගිහි සැදැහැවත් පින්වතුන්ටත් නිදුක් නීරෝගී සුවපත්භාවය පිණිසත් උතුම් ධර්මාවබෝධය පිණිසත් මේ සියලු පින් හේතුවාසනා වේවා!

අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් සත්‍යක්‍රියාවේ ආනුභාවයෙන් දරුවන් වදනා සියලු මව්වරුන් හට සැමදා සෙත සුව සැලසේවා! අලුතින් උපදින සියලු බිළිඳුන් හට සැමදා සෙත සුව සැලසේවා!

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේ පසුගිය 17 වනදා පටන් අද දින දක්වා පුරා දින නමයක…

Posted by Mahamevnawa Buddhist Monastery on Sunday, October 25, 2015