පගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මහා තෙද ඇති, මහා බල ඇති, මහා අනුකම්පා ඇති, නිකෙලෙස් ගුණයෙන් බබළමින් වැඩසිටි ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා අද දිනත් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගයේදී සැදැහැවතුන් හට සිත්සේ දැකබලා වන්දනා කරගැනීම පිිණිස ප්‍රදර්ශනය කරන්නට යෙදුනා.

අද දිනත් මහමෙව්නාවේ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් උදෑසන 8 සිට 9 දක්වාත් දහවල් 1 සිට 2 දක්වාත් රාත්‍රී 8 සිට 9 දක්වාත් ගර්භනී මාතාවන්ට සෙත්පතා අංගුලිමාල පිරිත සජ්ඣායනා කොට පිරිත් පැන් හා පිරිත් නූල් ලබාදෙනු ලැබුවා.

අද දින මල් සැරසිලි හා පූජා ද්‍රව්‍ය පිළියෙල කිරීම සිදු කරනු ලැබුවේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා සහ උපස්ථාන කමිටුවේත් යොවුන් බෝධිඥාන සභාවේත් පින්වතුන් විසිනුයි. එම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ගිහි පින්වතුන් සියලු දෙනාටමත් නිදුක් නීරෝගී සුවපත් භාවය පිිණිස, උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා!

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මහා තෙද ඇති, මහා බල ඇති, මහා අනුකම්පා ඇති, නිකෙලෙස් ගුණයෙන් බබළම…

Posted by Mahamevnawa Buddhist Monastery on Saturday, October 24, 2015