ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙතත්, නේවාසික ව ප්‍රතිකාර ලබන ජනතාව වෙත සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් යන 3500ක් පමණ වූ පිරිසක් වෙනුවෙන් උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි ආහාර වේලක් ලබා දීමේ පින්කමක් 2020 පෙබරවාරි මස 24 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්වුණි. 34 වන වරටත් පැවැත්වුණු මෙම පින්කම සඳහා ප්‍රධාන මූල්‍යමය දායකත්වය දරනු ලැබුවේ බොරැල්ලේ පදිංචි සීතා නානායක්කාර මහත්මිය විසිනි. මෙම පිංකමට ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයෙහි සිසුන්ගේ ශ්‍රම දායකත්වය ද ලැබුණි. මෙම පින්කමට සහභාගී වුනු, දායක වුනු, උදව් උපකාර කළ සියලු දෙනාට ම මේ පින නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් හේතු වාසනා වේවා!

මෙම පින්කමේ කොටස්කරුවන් වීමට කැමැත්තෝ දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

මාසිකව සිදු කෙරෙන මේ පුණ්‍ය කර්මය දායක වීමට කැමති පින්වතුන් සිටී නම් විමසන්න.
071 437 1522
විද්‍යුත් ලිපිනය – info@shraddha.lk

 තවත් ඡායාරූප

Posted by sco.lk on Sunday, 23 February 2020