ප මාතෘභූමියට බලපා ඇති ගංවතුර සහ නාය යෑම් ආදී ස්වාභාවික විපත් හේතුවෙන් අසරණව සිටින අපේම සහෝදර ජනතාවට පිහිට සැළසීම සඳහා මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත්, තාවතිංස යාත්‍රා සංවිධානයත් එක්ව කඩිනම් සහනාධාර ලබා දීමේ ව්‍යාපෘතියක් දියත් කරමින් පවතී…

එ් අනුව පිසූ ආහාර, වියළි ආහාර, පානීය ජල බෝතල්, බෙහෙත් ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදී බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිහිටක් ලැබිය යුතු අසරණ ජනතාව වෙත මේ වන විටත් බෙදා දෙමින් පවතින අතර තව දුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන සහන සැලසීමේ ක්‍රියාන්විතයට පින්වත් ඔබටත් දායක විය හැකිය.

විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වියලි ආහාර, පානීය ජලය, සනීපාරක්ෂක ද්‍රව්‍ය, බෙහෙත් සහ ඇදුම් පැළදුම් ආදී ඔබගේ පරිත්‍යාග පහත මධ්‍යස්ථාන වෙත ලබාදිය හැකිය.

  • කඩුවෙල ශ්‍රද්ධා නාලිකා පරිශ්‍රය
  • මාලබේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරය

  • ගාල්ල මැලෑගොඩ මහමෙව්නාව භාවනා අසපුව
  • මාතර අපරැක්ක මහමෙව්නාව මහා විහාරය
  • රත්නපුර කුරුවිට කටුසියඹලාපේ විහාරස්ථානය
  • දිවයින පුරා පිහිටි සියලුම මහමෙව්නාව භාවනා අසපු ශාඛා

  • ෂේඩ්ස් ෆැෂන් ආයතනයේ පැලවත්ත, රාජගිරිය සහ කොටිකාවත්ත ශාඛා

  • කීර්ති ෆැෂන් ආයතනයේ කදුරුගස් හන්දිය කුරුණෑගල සහ හීලෝගම පාර නිකවැරටිය ශාඛා

ඔබේ මුදල් පරිත්‍යාග පහත ගිණුම් අංකයන් වෙත බැර කළ හැකියි.

බැංකුව – සම්පත් බැංකුව
ගිණුමේ නම – ශ්‍රද්ධා මාධ්‍ය ජාලය
ගිණුම් අංකය – 016 21 00 00 953
ශාකාව – කඩුවෙල ශාකාව
(බැංකුව වෙත මුදල් බැර කිරීමෙන් පසුව ඒ පිළිබඳව “ශ්‍රද්ධා ඇමතුම් මධ්‍යස්ථානය” අමතා දැනුවත් කළ හැකිනම් එය අපට මහත් පහසුවක් වනු ඇත.)

වැඩිවිස්තර සඳහා.
011 437 79 24
077 035 69 03
071 957 51 41

බැංකුව – හැටන් නැෂනල් බැංකුව
ගිණුමේ නම –  තාවතිංස යාත‍්‍රා
ගිණුම් අංකය – 156 020 034 034
ශාකාව – මාළඹේ ශාකාව
(බැංකුව වෙත මුදල් බැර කිරීමෙන් පසුව ඒ පිළිබඳව පහත දුරකථන අංකයන්ට අමතා දැනුවත් කළ හැකිනම් එය අපට මහත් පහසුවක් වනු ඇත.)

වැඩිවිස්තර සඳහා.
0712 966 669
0712 955 559

මේ සියලු කටයුතු සඳහා අප හට නිබඳ ආශිර්වාද කරනා අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් උපකාර කරනා සියලු පින්වතුන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා! සසරේ කිසිදු භවයක දී මෙවන් විපකට මුහුණ නොදී මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය ලබත්වා!