ධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, මාතර, රත්නපුර, කළුතර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන්ට අයත් ගම් සහ නගර ගංවතුරෙන් සහ නායයෑම්වලින් යටවී ගියේය. තුන්සියයකට ආසන්න පිරිසකට තම ජිවිත අහිමි විය. දහස් සංඛ්‍යාත පිරිසක් උන්හිටි තැන් අහිමිව අන්ත අසරණ බවට පත්වූහ.

එසේ අසරණ වූ අපේ සහෝදර ජනතාව වෙත සහන සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයත් ත්‍රිවිධ හමුදාව සහ පොලීසියත් ලංකාවේ සියලු මාධ්‍ය ආයතනත් කැප වී ක්‍රියා කළහ. මහමෙව්නාව භාවනා අසපු සංචිතයට ද ඒ සමග අත්වැල් බැඳගන්නට හැකි විය.

දිවයින පුරා පිහිටි මහමෙව්නාව භාවනා අසපු ශාඛාවලට සැදැහැවතුන් විසින් ගෙනැවිත් භාරදෙන ලද වියළි ආහාර සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ විපතට පත් සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි අසරණ ජනතාව වෙත බෙදා දෙන ලදී. විදේශයන්හි පිහිටි මහමෙව්නාව භාවනා අසපු ශාඛාවලට සම්බන්ධ සැදැහැවතුන්ගෙන් මේ සඳහා ලැබුණු මූල්‍ය අනුග්‍රහය ද අති විශාලය.

ගංවතුරෙන් සහ නායයෑම්වලින් අවතැන් වූ අසරණ දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් තවමත් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ සඳහා දායක වීමට කැමති ඔබට 0114 377 924 / 0770 356 903 /0719 575 141 දුරකථන අංක ඔස්සේ වැඩි විස්තර ලබාගත හැක.

රැස් වූ සියලු පින් ඔබ අප සැමට කරදර බාධක හිරිහැරවලින් තොරව සුවසේ ධර්මයේ හැසිරීම පිණිසත් මේ ගෞතම බුදු සසුනේදී ම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් ඒකාන්තයෙන් ම හේතුවාසනා වේවා!

සියල්ලෝ ම මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!