ශී‍්‍රමත් සුගත තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ 2600 වන අසිරිමත් සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා ඒ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ පින්බර පුණ්‍ය සංකල්පයකට අනුව තැනවුන අසදෘශ විහාර මන්දිරය වන සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව ගෞතම බුදු සසුනට පූජා වී වසරක කාලයක් ගතවීම නිමිතිකොටගෙන, සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ වැඩහිඳින මාළිගය නමින් හැඳින්වෙන උඩුමහලෙහි සුගත ශී‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේලාත් නිකෙළෙස් මහරහත් මුනිවරුන්ගේ ධාතූන් වහන්සේලාත් සුවඳවත් ඝර්භයෙහි දරා වැඩසිටින ස්වර්ණ වර්ණ කරඬු වහන්සේ සුපිහිටි හාත්පස සුවඳ සඳුන් දැවයෙන් නිර්මිත මනරම් කැටයමින් ශෝභමාන වූ සුගන්ධ කුටිය සැදැහැවත් ජනතාවට 2013/07/15 සිට 22 දින සිට සතියක කාලයක් පුරාවට සුගන්ධ කුටිය නෙත් පුරා දැකබලා සිත්පුරා වන්දනා කරන්නට අවකාශ සළසාදෙමින් අසිරිමත් සුගන්ධකුටිය මහජනතාවගේ වන්දනා පිණිස විවෘත විය.
පින් කැමැත්තෝ මෙම අසිරිමත් පින්කමෙන් ජනිත සියලු පින් සතුටින් අනුමොදන් වෙත්වා…!
Leave A Comment