අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-07-01 වන දින දියතලාව ප්‍රදේශයේදී පවත්වන ලද ධර්ම දේශනයකි.
පින්වත්නි, මේ අාකාරෙයන් මල් සැරසිලි කරලා, දේශකයන් වහන්සේට උස් ආසනයක් පනවලා මේ හැම දේ ම කරලා තියෙන්නේ පුද්ගලයෙකුට ගරු කරන්ට නෙවෙයි. මේ හැම දේම කරලා තිබෙන්නේ ධර්මයට ගරු කිරීමටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ “ධම්මෝ හි වාසෙට්ඨා සෙට්ඨෝ ජනේතස්මිං දිට්ඨේ චේව ධම්මේ අභිසම්පරායේ ච” මේ ජනයා අතර මෙලොවත් පරලොවත් ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි කියලා. එහෙනම් මේ ලෝකයේ මෙලොව අපි මොන තරාතිරමෙන් හිටියත් ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්මයයි. අපි පරලොව අපි යන දවසටත් අපට යහපත සලසන්නේ ධර්මයයි.
● ධර්ම දේශනය ශ්‍රවණය කරන්න »
Leave A Comment