පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-05-20 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික දහම් වැඩසටහනේදී ආලවක සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය.
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අනුත්තරෝ පුරිසදම්මසාරථී ගුණයත් – මේ ලෝකයේ කිසිවෙකුට දමනය කිරීමට නොහැකි, අතිශය භයානක, අවිනීත, බිහිසුණු ආලවක නමැති යක්ෂයා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ දමනය වී මාර්ගඵලලාභී ශ්‍රාවකයෙක් වන ආකාරයත් – ආලවක යක්ෂයාට බිලි දීම පිණිස ගෙන ආ කුඩා ආලවක කුමරු හත්ථක ආලවක නමින් පන්සියයක් උපාසකවරු පිරිවරාගත් අනාගාමී උපාසකයෙක් වී මේ බුද්ධ සසුනේ අග තනතුරක් ලබන ආකාරයත් මෙම දෙසුමෙන් විස්තර වේ.
● සම්පූර්ණ ධර්ම දේශනය ශ්‍රවණය කරන්න »
Leave A Comment