2018-03-25 දින මොණරාගල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනව බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුන උදෙසා පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයේදී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේගේ ආශ්චර්යය පිළිබඳ විස්තර කරමින් සිදුකළ කෙටි අනුශාසනාව
ශ්රද්ධාවන්ත පින්වත්නි, මේ බෝධීන් වහන්සේ ගැන තියෙන ඉතිහාසේ හරී පුදුම සහගතයි. ඉස්සර හිටපු රජදරුවෝ තමන්ගේ ජීවිතේට වඩා මේ බෝධීන් වහන්සේට මහත් සේ ආදර ගෞරව දක්වලා තියෙනවා. ඒ නිසා ම යි තෙරුවන් සරණේ පිහිටලා නිහතමානීව අප භාග්‍යවතුන් වහන්සේගේ බෝධීන් වහන්සේ වැඳ වැඳ ධාතූන් වහන්සේලා වැඳ වැඳ හිටිය නිසා ම යි ඒ රජවරු දෙවියන් අතරේ උපන්නේ. බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්න ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින කාලේ නුවණැති මනුෂ්‍යයන්ට හොඳට පින් කරගන්න අවස්ථාව ලැබෙනවා.
පින්වතුනි, අපි මේ සංසාරේ එක එක ආත්ම ලබ ලබා කර්මයට දාස වෙලා කර්මය ම උප්පත්ති ස්ථානය කරගෙන කර්මය ම පිළිසරණ කරගෙන යන සත්ව කොට්ඨාසයක්. ඉතින් අපිට මනුස්ස ලෝකෙට මෙවර පැමිණිලා බලද්දි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දෙදාස් පන්සීයකුත් ඉවර වෙලා. අපේ බුදුරජාණන් වහන්සේගේ පහළවීම මේ ලෝකයේ සිදුවෙච්ච එකම ආශ්චර්යවත් දේ. ඒ ආශ්චර්යත් බව භෞතික එකක් නෙවෙයි. ආධ්‍යාත්මික එකක්. මේ ලෝකේ භෞතික පුදුම සහගත දේවල් ගැන මිනිස්සු කතා වෙනවා. හැබැයි ඒ භෞතික දේවල් සුළු කාලෙකින් විනාශ වෙලා යනවා. දෙව් මිනිස්සුන්ගේ හිතසුව පිණිස තියෙන දේවල් නොවෙයි. හැබැයි ආධ්‍යාත්මික ප්රාතිහාර්ය අපගේ භාග්‍යවතුන් වහන්සේගේ දෙවිමිනිසුන්ට හිතසුව පිණිස පවතින එකක්…..
● සම්පූර්ණ ධර්ම දේශනය ශ්‍රවණය කරන්න »
Leave A Comment