පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-01-31 වන නවම් පුන් පොහෝ දින මජ්ඣිම නිකායේ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය ඇසුරින් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනාව…

අපේ සිතින් කයින් වචනයෙන් සිදුකරන ක්‍රියාවන් (කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම) සිදුකිරීමට පෙර, සිදුකරන විට සහ සිදුකර අවසන් වූ පසු නුවණින් විමස විමසා එම ක්‍රියාවන් පිරිසිදු කරගන්නා ආකාරය මෙම අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයෙහි විස්තර වශයෙන් සඳහන් වේ. අපගේ ශාස්තෘන් වහන්සේ විසින් සිත, කය, වචනය සංවර කරගැනීම ගැන රාහුලභද්‍රයන් වහන්සේට විස්තර කර දුන් මෙම සොඳුරු දේශනාව මජ්ඣිම නිකාය 2 වන පොත් වහන්සේගේ භික්ඛු වර්ගයට ඇතුලත් වේ…