පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-04-29 වන දින වෙසක් පුන් පොහෝදා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී බාලපණ්ඩිත සූත්‍රය අැසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය
බාලයා යනු පින් පව් නොඅදහන, ඕනෑම පවක් කරන, පවට ලැජ්ජා බිය නැති, මරණින් මතු නිරයේ දුක් විඳින බව විශ්වාස නොකරන, අඥාන අසත්පුරුෂයා ය.
පණ්ඩිතයා යනු පින් පව් අදහන, පවින් වැළකුණු, පවට ලැජ්ජා භය ඇති, පව් කරන්නා නිරයේ උපදින බවත් පින් කරන්නා දෙව්ලොව උපදින බවත් විශ්වාස කරන නුවණැති සත්පුරුෂයා ය.
අපගේ භාග්‍යවතුන් වහන්සේ අසිරිමත් බුදු ඇසින් දුටු නිරයේ සහ දෙව්ලොව විස්තර අපට වදාළ ඉතා විස්මිත දෙසුමකි බාල පණ්ඩිත සූත්‍රය. එම සූත්‍ර දේශනාවෙන් විස්තර වන්නේ අසත්පුරුෂයාගේ පරලොව ජීවිතය දුකෙන් පිරී ඇති ආකාරයත් සත්පුරුෂයා පරලොව සුවපත් වන ආකාරයත් ය.
● සම්පූර්ණ ධර්ම දේශනය ශ්‍රවණය කරන්න »
apita mema utum dHarmaya nawatha nawatha ahanna downloard pahasukama labadennenam godak pin