පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මජ්ඣිම නිකායේ, උපරි පණ්ණාසකයෙහි ඇතුලත් දේවදූත සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාවකි.

Subscribe to our YouTube Channel

පින්වතුනි, අද අපි ඉගෙන ගන්නේ සුවිශේෂ දේශනයක්. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩලා ලාංකිකයන්ට කියාදීපු මූලික බුද්ධ දේශනා වලින් එකක්. මේ දේශනාව සඳහන් වහන්සේ මජ්ඣිම නිකායේ. මේ දේශනාවෙ නම දේවදූත සූත්‍රය. මේ දේශනාවෙන් කියැවෙන විශේෂ දේ මේ ලෝකේ වෙන කෙනෙක් දන්නවත් දෙයක් නෙවෙයි. යථාභූත ඤාණය නැති, කර්ම කර්මපල විශ්වාසය නැති කෙනෙකුට හිතාගන්න වත් බැරි එකක්. ඒ තමයි නිරය ගැන.

දැන් මේ අපා දුකින් අපට නිදහස් වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙලා චතුරාර්ය සත්‍යය අපට කියා දෙන්නේ. මොකද අපි දන්නේ නෑ. අපි මනුස්ස ලොකෙට ආවා මනුස්ස ලොකයේ තියෙන දේවල් වලට අපි රැවටුනා. ඒවාට අහු වුනා. අපි ඒ පස්සේ යන අතරේ ලෙඩ වෙනවා.. වයසට යනවා.. කර්මානුරූපව අපි කොහේ යනවාද කියන්න අපි දන්නේ නෑ. නමුත් අපිට එකක් පේනවා. මේ හිතේ ස්වභාවය අපිට තේරුම් ගන්න පුලුවනි. මේ හිතේ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. අපිට හොඳ පැත්ත දියුණු කරන්න ද ලේසි, නැත්තනං නරක පැත්ත දියුණු කරන්නද? නරක පැත්ත දියුණු කරන්න ලේසියි. නිකමට හිතලා බලන්න සීලයක් දියුණු කරන්න ගත්තාම කොයි තරං අමාරුද? සමාධියක් දියුණු කරන්න කොයි තරම් අමාරුද? නමුත් නරක වැඩක් කරන්න හරි ලේසියි. මේ හිතේ ස්වාභාවය දිහා අපි ආපස්සට හැරිලා බැලුවොත් වැරදිච්ච හැම වෙලාවකම අපිට වැරදිලා තියෙන්නේ අපේ හිතේ හැදිච්ච අකුසල් නිසා…

ඉතින් ඒ විදිහට තමන් රැස්කළ කර්මයට අනුව සත්වයා සුගති දුගති වල උපතක් කරා යනවා බුදුරජාණන් වහන්සේ දිවැසින් දුටුවා. ඉතින් ඒ විදියට විශ්මිත බුද්ධ ඤාණයෙන් දුටු නිරයේ විස්තරය තමයි සම්බුදු රජාණන් වහන්සේ මේ දේවදූත සූත්‍රය තුල විස්තර කරන්නේ. නිරයට වැටුනු සත්වයා ගෙන් යමරජු දේවදූතයන් පස් දෙනා ගැන විමසන ආකාරය, ඉන්පසු කර්මානුරූපව ඒ සත්වයන්ට නිරයේ විඳින්ට සිදුවන අනේක දුක් අප කෙරෙහි අනුකම්පාවෙන් සම්බුදු රජාණන් වහන්සේ මෙම දේශනාවේ පහදා දෙන සේක.

“පින්වත් මහණෙනි, මං මේවා කියන්නේ කිසිදු ශ්‍රමණයෙකුගෙන් හෝ බ්‍රාහ්මණයෙකුගෙන් හෝ අහලා නොවෙයි. යම්කරුණක් මා විසින් තමන්ම දැනගත්තාද, තමන්ම දැකගත්තාද, ඒ තමන් ම අවබෝධ කරගත්, ප්‍රකට කරගත් දේම යි මම මේ කියන්නේ.” කියා සම්බුදු රජාණන් වහන්සේ වදාල සේක. විශිෂ්ඨ සම්බුදු ඤාණයෙන් දැක වදාල මෙම අසිරිමත් විස්තරය ඔබත් නොවරදවාම ශ්‍රවණය කරන්න

දේවදූත සූත්‍රය හඬපටය ඩවුන්ලෝඩ් කරගන්න

මෙම දේවදූත සූත්‍රය ධර්ම දේශනාව ඇතුලත් සදහම් ග්‍රන්ථය

විමසීම්

මහාමේඝ ප්‍රකාශකයෝ,
වඩුවාව, යටිගල්ඔලුව, පොල්ගහවෙල.
දුරකතන – (+94) 37 205 3300
(+94) 76 8255 703
ඊමේල් – mahameghapublishers@gmail.com

Order Online