පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-11-03 වන දින ඉල් පුන් පොහෝදා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී ධජග්ග සූත්‍රය ඇසුරෙන් සිදුකරන ලද ධර්ම දේශනය.
සැදැහැවත් පින්වත්නි,
අද මේ ඉල් පොහොය දවසේ අපි සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම් අවවාදයක් අහන්ටයි සූදානම් වෙන්නේ. අද ඉගෙන ගන්න මේ දේශනාවේ නම ධජග්ග සූත්‍රය. ධජග්ග සූත්‍රය ඔබ සියලු දෙනාම අහලා තියෙනවා. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සැවැත්නුවර ජේතවනයේ වැඩවාසය කරන කාලයේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සියලු දෙනාට ප්‍රයෝජනය ගන්ට තමයි භික්ෂූන් වහන්සේලාට වදාළේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මහණෙනි, දේව අසුර යුද්ධයක් ඇරඹුනා.” සාමාන්‍යයෙන් දේව අසුර යුද්ධය කියන වචනය අපිට පුරුදු වෙලා තියෙන්නේ සුර අසුර යුද්ධය කියලයි. නමුත් ධර්මයේ දෙවිවරු හඳුවන්නේ බොහෝවිට සුර කියලා නෙවෙයි, දේව කියලා. අනිත් පිරිසට කියන්නේ අසුර කියලා.
ඉතින් ඒ ගැන විස්තරේ අට්ඨකතාවේ සඳහන් වෙනවා බොහොම ලස්සනට. ඔබ දන්නවා දඹදිව මගධ රාජ්‍යයේ තමයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වුනේ. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්ට බොහෝ කාලෙකට කලින් ගමක් තිබුනා මචල කියලා. මේ ගම්මානයේ හිටියා මහ පින්වන්ත තරුණයෙක්. ඒ තරුණයාගේ නම මඝ. මේ මඝ මානවකයා තනියම ඒදඬු පාලම් හදාගෙන, මිනිස්සුන්ට ඉන්න විශ්‍රාම ශාලා, අම්බලම්, පැන් පොකුණු ආදිය හදන්න පටන් ගන්නකොට එයාට යාලුවෝ තිස්තුනක් එකතු වුනා…..
● සම්පූර්ණ ධර්ම දේශනය ශ්‍රවණය කරන්න »
Leave A Comment