පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-02-22 වන නවම් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී මජ්ඣිම නිකායේ ඇතුළත් සාලෙය්‍යක සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය. මෙම දේශනය තුළ මේ ලෝකයේ ඇතැම් සත්වයන් මරණින් මතු සුගතියේ උපදින්නට හේතුවන දස කුසල් ගැනත් ඇතැම් සත්වයන් මරණින් මතු නිරයෙහි උපදින්නට හේතුවන දස අකුසල් ගැනත් විස්තර වේ.