පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017 අප්‍රේල් මස 10 වෙනි දින (බක් පුන් පොහෝ දින) උයන්දන මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන්නට යෙදුණු සුමධුර ධර්ම දේශනය

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

මේ සෞම්‍ය සන්ධ්‍යාවේ අපි සියලු දෙනා බෝධීන් වහන්සේ සෙවනේ එකතුවෙලා අපි බලාපොරොත්තු වන්නේ බෝධීන් වහන්සේට වන්දනා උපහාර පූජා දක්වලා පින් කරගන්ටයි. මේ බෝධීන් වහන්සේට උපහාර පූජා දක්වන්ට විශේෂ හේතුවක් තියෙනවා.

බෝධීන් වහන්සේ නමකට වන්දනා කරනවා කියන්නේ වෘක්ෂ වන්දනාවක් නොවෙයි. සාමාන්‍යයෙන් ඔබ දැකලා ඇති මනුශ්‍යයන් වෘක්ෂයන්ටත් වන්දනා කරනවා. සමහර විශාල නුගරුක් තියෙනවා ඒවෑ අධිකගෘහිත දේවතාවෝ සිටිති තියලා වෘක්ෂයන්ට වන්දනා කරනවා. ඒක බොහෝම පරණ සිරිතක්. බුද්ධ කාලේ ඉඳලා තිබුනු සිරිතක් තමයි ඒ වෘත්ෂ වන්දනාව.

බෝධීන් වහන්සේ වන්දනා කිරීමත් වෘක්ෂ වන්දනාවත් කියන මේ දෙකේ විශාල වෙනසක් තියෙනවා. ඒ වෙනස දන්නැති කෙනෙක් තහිතන්න පුලුවන් “මොකක්ද මේ..? මේකත් වෘක්ෂ වන්දනාවක් නොවැ” කියලා. බෝධීන් වහන්සේ වන්දනා කරනවා කියන එකේ විශාල අර්ථයක් තියෙනවා. මේ බෝධීන් වහන්සේගේ නම “ඇසතු“. ඒ වගේම මේ වෘක්ෂයට කියනවා “පිප්පලී” කියලා. එතකොට මේ වෘක්ෂය පූජනීය වුනේ මේ වෘක්ෂයට බාරහාර වෙලා කවුරුවත් ඒ බාරහාර ඉෂ්ඨ කරලා දුන්නා කියලා කතන්දරයකින් නොවෙයි. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ සංසාරේ පාරමී ධර්ම පිරුවා. පාරමී කියලා කියන්නේ එතෙරට ගෙනයන දේ. සාමාන්‍යයෙන් එතෙර මෙතෙර කියලා එකක් ධර්මයේ සඳහන් වෙනවා. අපි මේ ජීවත් වෙන්නේ එතෙර නොවෙයි. අපි ජීවත් වෙන ලෝකයට කියන්නේ මෙතෙර කියලා. එතෙර කියන්නේ නිවනට. නිවනට තමයි එතෙර කියන්නේ. එතකොට මේ දුක් දොම්නස්. කම්කටොලු, පටලැවිලි, ඒ ඔක්කොම තියෙන්නේ මෙතෙර.

මෙතෙර ඉන්න මනුස්සයෙක් එතෙර යන්ට ඕනෑ කියලා කරපු අරගලය සුළුපටු එකක් නෙවෙයි. ඒ කියන්නේ සාමන්‍ය මනුශ්‍යයන්ට කරන්ඩ බැරි එකක් බොහෝ කල්ප කාලාන්තරයකට කලින් එක්තාරා පින්වත් පුත්‍රයෙක් කළා..

● ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පිවිසෙන්න »