සතියේ සෑම සෙනසුරාදාවක ම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් සජීවීව විකාශය වන සිංහාවලෝකනය දහම් කතිකා මාලාවේ පස්වන සාකච්ඡාව
මෙම දහම් කතිකාව තුලදී සාකච්ඡාවට බඳුන්වන මාතෘකාවන්
————————————————————-
1. සෝතාපන්න යන්නෙහි සැබෑ අර්ථය කුමක්ද, ධර්මය ඇසූ පමණින් සෝතාපන්න විය හැකිද 01:50
2. වර්තමාන මගඵල මිථ්‍යාව සහ මගඵලලාභීන් යැයි කියාගන්නා අය ධර්මය විකෘති කරන ආකාරය 40:50
3. බුදුබව පැතීම මිසදිටුවකි. ඇතැම් අය එයට පෙළඹෙන ආකාරය 48:00
4. ඇතැම් මන්ත්‍ර හෝ ගාථා දහස් වාරයක් හෝ ලක්ෂ වාරයක් කීමෙන් පසු ධ්‍යාන ලැබෙනවද 54:50
5. වර්තමානයේ ඇති දේවරූපවලට එම ස්වරූපය පැමිණි ආකාරය 58:40
6. යෝනිසෝ මනසිකාරය ඇති කෙනෙක් අධර්මය ශ්‍රවණය කළහොත් ඔහුට වෙන දේ 1:03:00
7. සෝවාන් පුද්ගලයෝ තුන් දෙනා 1:18:30
8. පටිච්ච සමුප්පාදය මෙනෙහි කළයුතු න්‍යාය 1:22:40
9. සතිපට්ඨානය වඩනවිට කර්ම ක්ෂය වෙනවාද 1:37:30
10. ශල්‍ය කර්මයක් අතරතුරදී සිහි නැති කළත් ඇතැම් අය එම අත්දැකීම විඳින්නේ කෙසේද 1:39:30
11. ඕපපාතික උපත් ලබන දෙවිවරුන්ට සහ යක්ෂයන්ට දරුවන් සිටින්නේ කෙසේද 1:44:55
12. අන්‍යාගමික අයත් දන් දී පින් අනුමෝදන් කරනවිට මළගිය ඤාතීන් පින් අනුමෝදන් වෙනවාද 1:46:00
13. රහතුන්ට සිල් නැත යන්න මිසදිටුවකි 1:52:15
14. ඇණවුම් පිරිත, ජිනපඤ්ජරය ආදී පිරිත් බුද්ධ දේශනා ද 2:01:40
15. සරණෙහි මනාකොට පිහිටනවා යනු කුමක්ද 2:03:40
16. සෝවාන් වීම සඳහා ධ්‍යාන තිබිය යුතුමද 2:07:20
17. සතර බ්‍රහ්ම විහරණ වල උපේක්ෂාව සහ සප්ත බොජ්ඣංග ධර්මයන්ගේ උපේක්ෂාව අතර ඇති වෙනස 2:09:30
මෙම සාකච්ඡා මාලාවේ ඒකායන අරමුණ වන්නේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් ඉස්මතුව ඇති අධර්මය මැඩලා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ශ්‍රාවක ජනතාව වෙත සමිප කරවීමයි.
ඔබටත් සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් සහ ලක්විරු ගුවන්විදුලිය මගින් මෙම දහම් කතිකාවට සවන් දීමෙන් ඔබ නොදත් බොහෝ දෑ දැනගත හැකියි.
Leave A Comment