වැලිමඩ තාවතිංස යාත‍්‍රා සංවිධානය මගින් 2016 ජූනි මස 11 සහ 12 දිනයන්හි දී ථූපාරාම මහා සෑ රජාණන් වහන්සේගේ සුණු පිරියම් කොට අවට පිරිසිදු කොට මහා සෑ ව්නදනාවක් පවත්වන්නට යෙදුණා.

සතර බුදුරජාණන් වහන්සේලා සමවත් සුවයෙන් වැඩසිටි, ධාතූන් වහන්සේලා තැන්පත්කොට තැබූ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ අකු ධාතූන් වහන්සේ තැන්පත් ථූපාරාම සෑරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා… අකුධාතූන් වහන්සේ තැන්පත් කරන මොහොතෙහි සම්පූර්ණ බුද්ධකාය මැවී අහසෙහි වැඩසිට යමක මහා ප්‍රාතිහාර්ය පෑ ධාතූන් වහන්සේට අපගේ නමස්කාරය වේවා…. මේ පුණ්‍යකර්මයෙන් රැස්කළ සියලු පින් සියලුදෙනා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා… සංසාර දුකින් අතමිදෙත්වා…!