පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවෙහි සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින වජිරාසනය අලංකාර කැටයම් වලින් විසිතුරු කරන්නට යෙදුනා. මේ ඔබ දකින්නේ එම අලංකාර කැටයමින් විසිතුරු කරන ලද වජිරාසනයයි. මේ සඳහා ආධාර උපකාර කළ සියලු පින්වතුන්ට මේ උතුම් පුණ්‍ය කර්මය මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම උපකාර වේවා! සියල්ලෝම මේ පින දැකබලා අනුමෝදන් වෙත්වා!