අප භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- මැනැවින් පිහිටි පාද ඇත්තේ වෙයි. (සුප්පතිට්ඨිතපාදෝ)
- යටි පතුල්හි චක්‍රයෝ හටගෙන තිබෙති. අර දහසකින් යුතු, රථ වළල්ල සහිත, නැබ සහිත, සියලු අයුරින් පිරිපුන් චක්‍රයෝ ය. (හෙට්ඨාපාදතලේසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනේමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරානි.)
- දිගු විලුඹ ඇත්තේ වෙයි. (ආයතපණ්හී)
- දිගු ඇඟිලි ඇත්තේ වෙයි. (දීඝංගුලී)
- මෘදු යොවුන් අත් පා ඇත්තේ වෙයි. (මුදුතළුනහත්ථපාදෝ)
- ඉතා නම්‍යශීලි අත් පා ඇත්තේ වෙයි. (ජාලහත්ථපාදෝ)
- ගොප් ඇටය උස් ව පිහිටි පා ඇත්තේ වෙයි. (උස්සංඛපාදෝ)
- ඕලු මුවෙකුගේ බඳු කෙණ්ඩා ඇත්තේ වෙයි. (ඒණිජංඝෝ)
- සිටගෙන ම නොනැමී දෙඅත්ලෙන් දෙදණ ස්පර්ශ කොට පිරිමැදිය හැක්කේ වෙයි. (ඨිතකෝ’ව අනෝනමන්තෝ උභෝහි පාණිතලේහි ජණ්ණුකානි පරිමසති පරිමජ්ජති)
- කොපුවක බහාලූ දෙයක් බඳු ව සැඟවී ගිය පුරුෂ නිමිත්ත ඇත්තේ වෙයි. (කෝසෝහිතවත්ථගුය්හෝ)
- රන්වන් පැහැයෙන් යුතු, රන්වන් සමක් ඇත්තේ වෙයි. (සුවණ්ණවණ්ණෝ හෝති කඤ්චනසන්නිභත්තචෝ)
- සිවිය සියුම් හෙයින් කයෙහි දුහුවිලි නොරඳින සියුම් සිවියක් ඇත්තේ වෙයි. (සුඛුමච්ඡවි හෝති සුඛුමත්තා ඡවියා රජෝජල්ලං කායේ න උපලිප්පති)
- තනි තනි ව හටගත් ලොම් ඇත්තේ වෙයි. එනම් එක් එක් රෝම කූපයෙහි එක බැගින් හටගත් රෝම ඇත්තේ වෙයි. (ඒකේකලෝමෝ හෝති, ඒකේකානි ලෝමානි ලෝමකූපේසු ජාතානි)
- උඩුකුරු ව කරකැවී ගිය ලොම් ඇත්තේ, උඩුකුරු ව කරකැවී ගිය තද නිල් පැහැ ඇති, අඳුන් වන් ව කුණ්ඩලාවර්තී ව රවුම් ව කැරකී ගිය, දකුණු අතට කරකැවී ගිය ලෝමයන් ඇත්තේ වෙයි. (උද්ධග්ගලෝමෝ හෝති, උද්ධග්ගානි ලෝමානි ජාතානි නීලානි අඤ්ජනවණ්ණානි කුණ්ඩලාවත්තානි පදක්ඛිණාවත්තකජාතානි)
- බ්‍රහ්මරාජයෙකුට බඳු ඍජු සිරුරක් ඇත්තේ වෙයි. (බ්‍රහ්මුජ්ජුගත්තෝ)
- උස් ව මතු වූ සත් තැනකින් යුතු වූයේ වෙයි. (සත්තුස්සදෝ)
- සිංහරාජයෙකුගේ බඳු පෙර අඩකය ඇත්තේ වෙයි. (සීහපුබ්බද්ධකායෝ)
- පිරී ගිය පිටතුරු ඇත්තේ වෙයි. (චිතන්තරංසෝ)
- නුගරුකක් බඳු සම ප්‍රමාණ වූ කය ඇත්තේ වෙයි. කය යම් පමණ ද, බඹය ද එපමණ ය. බඹය යම් පමණ ද, කය ද එපමණ ය. (නිග්‍රෝධපරිමණ්ඩලෝ හෝති, යාවතක්වස්ස කායෝ, තාවතක්වස්ස බ්‍යාමෝ, යාවතක්වස්ස බ්‍යාමෝ තාවතක්වස්ස කායෝ)
- සමවට කඳ ඇත්තේ වෙයි. (සමවත්තක්ඛන්ධෝ)
- රස නහර ඇත්තේ වෙයි. (රසග්ගසග්ගී)
- සිංහරාජයෙකුගේ බඳු සවිමත් හනු ඇත්තේ වෙයි. (සීහහනු)
- සතලිසක් දත් ඇත්තේ වෙයි. (චත්තාළීසදන්තෝ)
- සම වූ දත් ඇත්තේ වෙයි. (සමදන්තෝ)
- දත් අතර විවර නැති සේ පිහිටි දත් ඇත්තේ වෙයි. (අවිරළදන්තෝ)
- ඉතා සුදු වූ දත් ඇත්තේ වෙයි. (සුසුක්කදාඨෝ)
- දික් වූ, පළල් වූ දිව ඇත්තේ වෙයි. (පහූතජිව්හෝ)
- කුරවීකයන්ගේ බඳු මිහිරි හඬ බ්රහ්මස්වර ඇත්තේ වෙයි. (බ්‍රහ්මස්සරෝ හෝති, කරවීකභාණී)
- තද නිල් පැහැ ගත් නෙත් ඇත්තේ වෙයි. (අභිනීලනෙත්තෝ)
- වහුපැටවෙකුගේ බඳු ඇස් මඬල ඇත්තේ වෙයි. (ගෝපඛුමෝ)
- දෙබැම අතර හටගත් ඌර්ණ රෝමය සුදු පැහැයෙන් යුතුව මොලොක් පුළුන් රොදක් සෙයින් ඇත්තේ වෙයි. (උණ්ණා භමුකන්තරේ ජාතා හෝති ඕදාතා මුදුතූලසන්නිභා)
- පිරිපුන් නළල් තලයකින් යුත් සිරසක් ඇත්තේ වෙයි. (උණ්හීසසීසෝ හෝති)
කියවන්න දීඝ නිකාය 3 වන පොත් වහන්සේගේ ලක්ඛණ සූත්‍රය
maha purusha lakshana