මහියංගණය, බතලයාය මහමෙව්නාව භාවනා අසපුවෙහි අභිනවයෙන් ඉදිකරන ලද කුටි සෙනසුන් සඟසතු කොට පූජා කිරීමේ පින්කම පසුගිය නොවැම්බර් 5 වෙනි දින හාරදහසකට අධික සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිනි.
මෙම පින්කමට සමගාමීව පෙර දින, එනම් 4 වෙනි දින රාත්රියේ පසුදා පහන්වනතුරු සර්වරාත්රික පිරිත් සජ්ඣායනක් පවත්වන ලද අතර 5 වන දින දහවල් මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනමන ලදී. එම දානමය පින්කම සඳහා පින්වත් ස්වාමීන් වහන්සේලා 70 නමක් පමණ වැඩම කොට සිටියහ.
විශේෂයෙන්ම ආදීවාසී නායකතුමා ද දන්පැන් පූජා කිරීමට මෙම පින්කමට පැමිණ සිටියේය.
සියල්ලෝම මේ උතුම් පින්කම දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!
නමෝ බුද්ධාය
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපිත් පින් රැස් කර ගන්නවා. අපිටත් පුලුවන් වුනා ඒ කල්යාණ මිත්ර ආශ්රය නිසා සතර දෙසින් වඩින මහසඟ රුවනට කුටියක් පූජා කර ගන්න.
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා…