මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

ශ්‍රී අංගුලිමාල මහා සෑ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය (ඡායාරූප)

ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා ශ‍්‍රාවකයන් වහන්සේ නමක් වූ, අපමණ තේජෝ බල ඇති, අපමණ අනුකම්පා ඇති, ආර්ය වූ අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ශ‍්‍රීමත් ධාතූන් වහන්සේලා වඩාහිඳුවන ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ ඉදිකිරීම උදෙසා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 2019 අප්‍රේල් මස 18 වන දින හිමිදිරි උදෑසන පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් හලාවත, බිංගිරිය, බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේදී සිදුකෙරුනා.

April 19th, 2019|3 Comments

11-4. බොහෝ අධිමානී භික්ෂූන්ගේ කථා වස්තුව

“ඇවැත්නි, ඒකාන්තයෙන්ම අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔය අවවාදය අපට කරන්න ඇත්තේ මොකාක් හරි දුරදිග බලලයි. උන්වහන්සේගේ වචනයට අපි අවනත වීමෙන් ඒකාන්තයෙන්ම අපට යහපතක් වෙනවා. ඒ නිසා අපි අමු සොහොනට යමු.”

April 17th, 2019|3 Comments

422. චේතිය ජාතකය

අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතාමත් පිළිකුල් කොට හෙළා දුටු, ගර්හා කළ දෙයක් තමයි දැන දැන බොරු කීම. උන්වහන්සේ වදාළේ බොරු කියන ළාමක අසත්පුරුෂයාට නොකළ හැකි පවක් නැත කියලයි. එක බොරුවක් කීවොත් ඒ බොරුව වසාලන්නට තව බොරු......

April 16th, 2019|Comments Off on 422. චේතිය ජාතකය

11-3. උත්තරා භික්ෂුණියගේ කථා වස්තුව

"තමන් ගේම සිවුරුපොට තමන්ට පෑගුණා. ඇඟට පණ නැති නිසා එහෙම්මම ඇද වැටුණා. එවිට භාග්‍යවතුන් වහන්සේ ඇය අසලට වැඩියා.“පින්වත් භික්ෂුණිය, ඔබට ජීවත්වෙන්න තියෙන්නේ තව සුළු කාලයයි. එනිසා මේ ජීවිතයම තේරුම් ගන්න” කියලා මෙම ගාථාරත්නය ඉතා මිහිරි ස්වරයෙන් වදාළා."

April 13th, 2019|1 Comment

ලේ දන්දීමේ පින්කම | 2019-04-06 (ඡායාරූප)

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 28 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම පසුගිය 2019-04-06 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනි. මෙහිදී.....

April 7th, 2019|1 Comment

11-2. සිරිමාවගේ කථා වස්තුව

"හැමෝම එතන හිටියේ හරිම අමාරුවෙන්. එතරම්ම දුර්ගන්ධයක් හමනවා. අන්තිමේදී සිරිමාගේ ගණන අඩු කළා. කහවණු පන්සීයට... තුන්සීයට... පනහට... විසිපහට... දහයට.... පහට... ලංසුවට තිබ්බා. සියලු දෙනා හිටියේ ඇයව හඳුනන්නෙවත් නෑ වගේ. අන්තිමේදී නොමිලේ අරගෙන යන්න කිව්වා. හැමෝම බිම බලාගත්තා."

April 4th, 2019|1 Comment

11-1. විශාඛාවගේ යෙහෙළියන්ගේ කථා වස්තුව

"විශාඛාවට ඇති ගෞරවය නිසා ඇඹරි ඇඹරී ඉන්නවා.“බොහොම හොඳයි.... වැදගත් කාන්තාවන් වුණාම ධර්මය පැත්තටත් ටිකක් ආස කරන්න ඕන නේද? එහෙනම් අපි දෙව්රමට යමු....”විශාඛාවගේ වචනයට පිටුපාන්න කාටවත් බෑ. ඒ නිසා විශාඛාවගේ පිටුපසින් ඔවුනුත් දෙව්රම් වෙහෙරට ඇතුළු වුණා."

March 30th, 2019|3 Comments

ශ්‍රී අංගුලිමාල මහා අරහන්ත වන්දනාව (ඡායාරූප)

මහා තෙද ඇති, මහා බල ඇති අංගුලිමාල මහරහතන් වහන්සේ උදෙසා මහා පූජෝපහාර මංගල්‍යයක් පසුගිය මැදින් පුන් පොහෝදා (2019-03-20) හලාවත, බිංගිරිය, බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා.

March 22nd, 2019|6 Comments

10-17. සුඛ සාමණේරයන් වහන්සේගේ කථා වස්තුව

"මං අප්‍රමාණ වෙහෙසක් ගත්තා මේ බත් කටක් උදෙසා. මට එහෙම වුණේ පින් මදි නිසයි. අද මේ දවසට කන කෑමෙන් මං හැමදාම ජීවත් වෙන්නෙ නෑ. අනිත් දවස්වලට මං සාමාන්‍ය විදිහටනේ කන්නේ. ඒ නිසා මං මේ දානය ආර්යයන් වහන්සේට පූජා කරනවා.....

March 21st, 2019|1 Comment

10-15,16. පිලෝතික තෙරුන්ගේ කථා වස්තුව

“පින්වත් මහණෙනි, ඒක ඇත්ත. මගේ ළයෙහි උපන් දරුවා ආචාර්යයන් වහන්සේට ඇති බැඳීම නිසා තමයි එතනට ගියේ. දැන් ඒ බැඳීම නෑ. තමන්ම තමන්ගේ අකුසල් ගැන ලැජ්ජාව ඇතිකරගෙන තමන්ම තමන්ට අවවාද කරගෙන යහපත් අශ්වයෙක් කස පහර කන්ට....

March 20th, 2019|Comments Off on 10-15,16. පිලෝතික තෙරුන්ගේ කථා වස්තුව
Go to Top