මහමෙව්නාව භාවනා අසපු සංචිතය හා සම්බන්ධ සැදැහැවත් පින්වතුන් වෙත කෙරෙනා දැනුම් දීමයි.

අනාත්ම වූ සසර ගමනක සැරිසරන අපහට නොසිතන කරදර බාධාවලට බොහෝ විට මුහුණදීමට සිදුවේ. අප ලක්දිවට නොසිතූ මොහොතක සිදු වූ ආගමික අන්තගාමී ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් හෙළ බොදුනුවන් මහත් සැදැහැයෙන් උත්කර්ෂවත්ව සැමරූ වෙසක් මංගල්‍යය, සීල භාවනා වැඩසටහන් පෙර වසරවල දී මෙන් මෙවර මහමෙව්නාව භාවනා අසපුවල නොපැවැත්වේ.

නමුත් අභියෝග හමුවේ අපගේ ආධ්‍යාත්මික පිළිවෙත් පිරීම අත්හැර දමා අප ප්‍රමාදී වියයුතු ද නොවේ.

භාග්‍යවතුන් වහන්සේව හදවතින්ම සරණගිය නුවණැති ශ්‍රාවකයන් වන පින්වත් ඔබ කෙරෙහි මහත් කරුණාවෙන් ශ්‍රී බුද්ධ වර්ෂ 2563 වැනි වෙසක් පුන් පොහෝ දින සීල භාවනා වැඩසටහන සමඟින් ඔබේ නිවසේ සිටම සම්බන්ධ වීමට පුළුවනි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ සහ මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් මෙවර වෙසක් සීල භාවනා වැඩසටහන උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වා ශ්‍රද්ධා රූපවාහිනිය, ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ සජීවීව විකාශය කෙරේ. නිවසේ තෙරුවන් වන්දනා කරන ස්ථානය පිළියෙල කොටගෙන මල්, පහන්, සුවඳ දුම් සම්බුද්ධ පූජාදිය හැකි පරිදි සූදානම් කොට පවුලේ සියලුදෙනා සමඟ පේවී ශ්‍රද්ධා වෙසක් සීල භාවනා වැඩසටහන සමඟින් නිවසේ සිටම ඒකාත්මික වන්න.

තෙරුවන් සරණයි !