බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
9-2. සෙය්‍යසක තෙරුන්ගේ කථා වස්තුව
"ඒ තෙරුන් වහන්සේ සංඝයාට අනුශාසනා කිරීම පිණිස කිසිසේත්ම සුදුසුකම් තිබුණේ නැහැ. ඒ නිසා ඒ තෙරුන්ගෙන් අවවාද ගන්නට ගිය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අමාරුවේ වැටුණා. අදට වුණත් නුසුදුසු කෙනෙකුගෙන් අවවාද ගන්නට ගියොත් අමාරුවේ වැටෙනවා. නරක වැඩක් වුණත් රහසේ කරන්න කියා උපදෙස් ලැබේවි."
030. මුනික ජාතකය
ඒ ගෙදර දියණියක් ඉන්නවා. ඒ දියණිය ඉතා ආදරයෙන් ඌරෙකුට සලකනවා. ඒ ඌරාගේ නම මුනික. හොඳට කැඳබත් ආදිය දීම නිසා ඌරා උස මහතට තරව වැඩුනා. ඒ ගෙදර ඌරාට පමණක් ආදරයෙන් කෑම බීම දෙන නිසා චුල්ල ලෝහිත ඒ ගැන සතුටු වුනේ නෑ. දවසක් ඔහු මහා ලෝහිතට මෙහෙම කිව්වා.....
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 23
මං ඉතාම ආදර ගෞරවයෙන් බණ අසද්දී මේ නාගරජ්ජුරුවෝ මගේ සිත රාගයට පොළඹවා ගන්ට නොයේක් කරුණු කීවා. නමුත් මං මයෙ සිත කය වචනය යන තුන්දොර ම මෙයැයිගේ සරාගී කතාවට යොමු නොකොට, ආසා නොකොට ධර්මයට ම ආසා කළ බව සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන්.....
මාතලේ ශාක්‍යමුනි මහාසෑයේ හතරැස් කොටුවේ ධාතු නිධානෝත්සවය
මාතලේ, මඩවල උල්පත මහමෙව්නාව භාවනා අසපු පින්බිමෙහි පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුක්තව මහා සංඝරත්නයේත්, දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේත් අසීමිත කැපවීමෙන් ඉදිවන අඩි 145 උසැති සිරි ගෞතම ශාක්‍යමුනි මහා සෑරජාණන් වහන්සේගේ හතරැස් කොටුවේ උතුම් ධාතු නිධානෝත්සවය පෙබරවාරි මස 17 වන ඉරු දින මහ සඟරුවනේ සෙත් පිරිත් සජ්ඣායනා සහ ලක්‍ෂ සංඛ්‍යාත බඹ, සුර, නර සාධු නාද මධ්‍යයේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පින්බර සුරතින් සිදුවන වගයි......
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (12 කොටස)
මෙසේ ශ්‍රී මුඛ සම්බුද්ධ භාෂිතය තුළ ම ආජානීය පුරුෂ වූ බුදුරජාණන් වහන්සේ උපත ලබන්නේ දඹදිව හෙවත් වර්තමාන ඉන්දියාවේ මධ්‍ය දේශයේ පමණක් බව ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. එමෙන්ම එම මධ්‍ය දේශයේ සීමාවන් පවා භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළ සේක. “මහ බෝ මැඩට පෙරදිගින් කජංගල නම් නියම් ගමකි.....
029. කණ්හ ජාතකය
ඒ කාලේ බෝධිසත්වයෝ ගව යෝනියෙහි ඉපිද සිටියා. මේ ගවයා පැටියා කාලේ එක්තරා මැහැලියකගේ ගෙදර නැවැත්තුවා. හැදූ වැඩූ කුලිය ගෙවාගන්ට බැරිවීමෙන් ඒ මැහැලියට ම වහු පැටියා සින්න වුනා. මේ ආච්චි සිය ගව පැටියාට මහත් ආදරයෙන් යුක්තයි. තමන්ගේ දරුවෙකුට වගේ කන්ට බොන්ට දී ඇතිදැඩි කළා.
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (11 කොටස)
බුද්ධකාලීන සොළොස්මහා ජනපද රාජ්‍යයන්- ගෙන් ප්‍රබල රාජ්‍යයක් වූ වජ්ජි රාජ්‍යයෙහි අගනුවර විශාලා මහනුවර යි. අතීතයේ මෙහි වර්ධනය වූ අධික ජනගහනය හේතුවෙන් නගරය කිහිප වරක් විශාල කරවීම හේතුවෙන් විශාලා නම් වී යැයි සඳහන් වේ. මෙය පාලනය කළ රජදරුවන් සහ මිනිසුන් ලිච්ඡවීන් ලෙස හඳුන්වන්නේ සොඳුරු ඡවි වර්ණයක් ඇති පිරිසක් වූ නිසාවෙනි.
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? (10 කොටස)
බුද්ධ කාලීන දඹදිව සොළොස් මහා ජනපදයන්- ගෙන් බලවත් රාජ්‍යයක් වූ වත්ස රාජ්‍යයේ අගනුවර වූයේ කොසඹෑ නුවර ය. වත්ස ජනපදය බුද්ධ කාලයෙහි අවන්ති දක්ඛිණාපථය නමින් හැඳින්වූ, අවන්තියට උතුරින් යමුනා නදිය අසබඩ පිහිටා තිබුණි. එවකට එහි පාලකයා වූයේ උදේනි රජතුමා ය. කුසුම්භ නමැති ඍෂිවරයා විසූ හෙයින් ද කොසඹ වෘක්ෂ බහුල වූ බැවින් ද කෝසම්බි නම් වූයේ යැයි පැරණි ග්‍රන්ථවල සඳහන් වේ. කෝසම්බිය භාරතීය ඉතිහාසයේ ද බෞද්ධ ග්‍රන්ථයන්හි ද දැක්වෙන ප්‍රකට නගරයකි.
යොවුන් දහම් සක්මන – 2019
සෑම වර්ෂයක ම පෙබරවාරි මාසයේ යොවුන් ඔබ වෙනුවෙන් ම පැවැත්වෙන, තාරුණ්‍යය අඳුරු කර නොගෙන යා යුතු මග පැහැදිලිව කියා දෙන, "යොවුන් දහම් සක්මන" විශේෂ සදහම් වැඩසටහන අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් පෙබරවාරි 10 ඉරිදා සවස 1.00 සිට සවස 6.00 දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී..
028. නන්දිවිසාල ජාතකය
පින්වතුනේ, පින්වත් දරුවනේ, කවුරුත් පාහේ කලබල වූ අවස්ථා වලත් වැඩිදුර නොසිතාත් නොසරුප් වදන් කථා කරන අවස්ථා දකින්ට ලැබෙනවා. නමුත් බොහෝ විට එයින් යහපතක් සිදුවන්නේ නෑ. ඕනෑතරම් පාඩු නම් සිදුවෙනවා. අනුන් හෙළා තලා කථා කිරීම නොකළ යුතු දෙයක් ම යි.