බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
3-9. පූතිගත්තතිස්ස තෙරුන්ගේ කථා වස්තුව
ටික කලක් යද්දී උන්වහන්සේ අසනීප වුණා. ශරීරය පුරා ගෙඩි හටගත්තා. ඒ ගෙඩි ලොකු වුණා. වණ වුණා. පුපුරලා සැරව ගැලුවා. පොරවාගෙන සිටි සිවුර එ් සැරව නිසා ඇඟට ඇලුණා. උන්වහන්සේ මහා වේදනාවෙන් යුතුව කෙඳිරි ගගා ඇඳේ වැතිර සිටියා. දිනක් කුටි චාරිකාවේ වඩින බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ කුටිය ළඟට වැඩියා. නැවතුණා. කෙඳිරිලි හඬ අසාගෙන හිටියා.
3-8. පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව
සිත රැකගන්නට ඕන නගරයක් ආරක්ෂා කරගන්නවා වගෙයි. නගරයක දිය අගල් තියෙනවා. ප්‍රධාන දොරටු තියෙනවා. ප්‍රාකාර තියෙනවා. එ් ප්‍රාකාර මත ආරක්ෂක අට්ටාල තියෙනවා. සතුරන්ට එකවරම ඇතුළට එන්නට පුළුවන් කමක් නෑ. එ් දොරටුවල ඉතාම සිහි නුවණ ඇති දොරටුපාලයන් ඉන්නවා. හොඳින් හොයලා බලලා තමයි කෙනෙක්ව නගරය ඇතුළට ගන්නේ.
3-6,7. චිත්තහත්ථ තෙරුන්ගේ කථා වස්තුව
චිත්තහත්ථ තෙරුන් වහන්සේ ඉතාම සතුටින් සැනසිල්ලේ කල් ගත කරන ආකාරය දුටු ස්වාමීන් වහන්සේලා “ඇයි... දැන් ආයෙමත් ගෙදර යන්න හිතෙන්නෙ නැද්ද...? කියලා ඇසුවා. “ගෙදර විතරක් නෙවෙයි, මං ආයෙ සසරෙවත් යන්නෙ නෑ කියල පිළිතුරු දුන්නා. මේ තුළින් උන්වහන්සේ අරහත්වය ප්‍රකාශ කළා කියල ඇතැම් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා සිටියා.
7. The Sunikkhitta Chapter
One day at midnight Prince Siddhartha renounced the palace-life in order to seek enlightenment. He touched my thigh with his soft flexible hands and copper-colored nails. While touching my thigh he told me, “My friend, I am going to achieve enlightenment and after I have attained it, I will help others in the world to cross over this samsara.
ශ්‍රී කන්දකුමාර මහා සෑය ගෞතම සම්බුදු සසුනට පූජා වූ වගයි
ශ්‍රීමත් සුගත තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස ඒ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට වසර 2600 ක් සපිරීම නිමිතිකරගනිමින් දක්ෂිණ ලංකාවට අධිගෘහිතව වැඩ වසන ශ්‍රී කන්දකුමාර දිව්‍යරාජයාට පුණ්‍යානුමෝදනා පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ [...]
3-5. භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන්ගේ කථා වස්තුව
පොඩි නමට ගොඩාක් දුක හිතුණා. ගුරුදේවයන් වහන්සේට පවන් සල සලා මහත් දුකෙන් යුක්තව කල්පනා කරන්නට පටන් ගත්තා. ‘මගේ ගුරුදේවයන් වහන්සේ දැන් මා කෙරෙහි සෙනෙහෙවන්ත නැහැ. මා පැමිණියා කියල කිසි විශේෂයක් දැක්වුවෙත් නැහැ. මා ගෙනා පිරිකර පිළිගත්තෙත් නැහැ. උන්වහන්සේට දැන් මගේ උපස්ථාන වුණත් වටින්නෙ නැතුව ඇති.
3-4. උකටලී භික්ෂුවකගේ කථා වස්තුව
බුදුරජාණන් වහන්සේ දඹදිව් තලය සිසාරා පා ගමනින් වැඩම කරමින් ධර්ම දේශනා කොට වදාළේ මේ සිත ජයගැනීම පිණිසයි. මේ සිත දමනය කිරීම පිණිසයි. සිත වසඟ කළ සියල්ලෙන්ම නිදහස් වීම පිණිසයි. බුදුරජාණන් වහන්සේගේ එම ධර්ම දේශනා වලින් මිනිසුන් ලැබූ ආධ්‍යාත්ම ශක්තිය විස්මයජනකයි. සිත ජය ගත නොහැකිව පසුබටව සිටි ජනයා එම සිත ජය ගැනීම තුළින් අභිමානවත් ලෙස නැගී සිටියා.
6. The Payasi Chapter
Great Bhante, if someone offers fruit to the community of noble monks who have pure hearts and calm minds, he will receive a great result. He will enjoy birth in the Tavatimsa Heaven experiencing that great result. Bhante, I too offered four pieces of fruits to the Noble Sangha.
3-3. එක්තරා භික්ෂුවකගේ කථා වස්තුව
අනේ ස්වාමීන් වහන්ස, ඔබවහන්සේලා අමනාප වී සිටිනා හැඩයි. අහෝ....! මෙවන් උදාර වූ බුදු සසුනක පැවිදි වූ ඔබවහන්සේලා සිත විතරක් කිලුටු කරගන්න එපා! අමනාපය ඇතිකරගන්නට එපා! තරහ සිත් ඇතිකරගන්ට එපා! ක්‍රෝධය ඇති කරගන්නට එපා! ඔබවහන්සේලාගේ නිවන් මග එ් තුළින්ම වැනසිලා යාවි.
3-1,2. මේඝිය තෙරුන්ගේ කථා වස්තුව
භාවනා කිරීමට සිතාගෙන දෑස පියා ගත්තා. භාවනා කිරීමට පටන් ගත්තා. හරිම පුදුමයි. මේ හිත හැම තැනම විසිරෙනවා. හැමතැනම යනවා. සුළඟකටත් වඩා වේගයෙන් යනවා. මේ සිත වේගයෙන් වෙනස් වෙනස් අරමුණුවලට යනවා. අතීතයේ සිදුවුණු එක එක දේවල් සිතට එනවා. එක එක ආශාවන් සිතට එනවා.