පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 17 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2015-04-05 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 200 කට අධික පිරිසක් තම රුධිරය පරිත්‍යාග කළා. ඒ සියලූ දෙනාට ආහාරපානාදියෙන් සංග‍්‍රහ කළේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුනුත් යොවුන් බෝධිඤාණ සභාවේ දරුදැරියනුත් විසිනුයි. අසරණ රෝගීන්ගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් තම රුධිරය පරිත්‍යාග කළ ඒ සියලු දෙනාටත් ඔවුන්ට ආහාරපානාදියෙන් සංග‍්‍රහ කළ සියලු දෙනාටත් උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින උපකාර වේවා!

සියල්ලෝම මේ පින දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

තෙරුවන් සරණයි!

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 17 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2015-04-05 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා.

Posted by Mahamevnawa Monastery on Sunday, April 5, 2015