මහමෙව්නාව විද්‍යාලයේ පැවති නේවාසික භාවනා වැඩසටහන (ඡායාරූප)
2019 අගෝස්තු මස 10 වන දා සිට 20 වන දා දක්වා මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන්නට යෙදුණු නේවාසික මෛත්‍රී භාවනා වැඩසටහන ආශිර්වාදාත්මක බෝධි වන්දනාවක් පැවැත්වීමෙන් අනතුරුව ඉතා සාර්ථකව අවසන් කරන්නට යෙදිණි. කාර්ය බහුල [...]
විෂම භාග මංගල සිනමා දැක්මේ රූ සටහන්…
සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද විෂම භාග චිත්‍රපටයේ අභිමානවත් මංගල දර්ශන ද්විත්වය අගෝස්තු 24 සහ 25 දෙදින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඇස්ටර් තියටර් (Astor Theatre) සිනමා ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත් වූ වගයි.
විෂම භාග මෙල්බර්න් හි SBS සිංහල සේවය සමග
ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වීමටත් කලින් අන්තර්ජාතික සම්මාන ලබාගත් වෙනස්ම තේමාවක් රැගත් "විෂම භාග" චිත්‍රපටය ප්‍රථම වතාවට ප්‍රදර්ශනය වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේදී. ඒ පිළිබඳ විවරණයකට මෙල්බර්න් හි SBS සිංහල සේවයේ මැදිරියට පැමිණි චිත්‍රපටයේ ප්‍රමුඛ චරිතයකට පණපොවන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි, චිත්‍රපටයේ තිර රචක සහ අධ්‍යක්ෂ ලලිත් රත්නායක සහ නිෂ්පාදනය කළ අළුදෙනියේ සුබෝධි ස්වාමීන්වහන්සේ සමඟින් SBS සිංහල සේවය සිදුකළ විශේෂ සාකච්ඡාව...
ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය 2019-08-26
ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙතත්, නේවාසිකව ප්‍රතිකාර ලබන ජනතාව වෙත සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි අහාර වේලක් ලබා දීමේ පින්කමක් 2019 අගෝස්තු මස 26 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි.
බුත්තල මහමෙව්නාව අසපුවේ බෝධි මණ්ඩපය සඳහා මුල්ගල් තැබීම 2019.07.16
බුත්තල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනව සිරි ගෞතම බෝධි මණ්ඩපය සඳහා මුල්ගල් තැබීමේ පින්කම පසුගිය (2019 ජූලි 16) ඇසළ පුන් පොහෝ දින සිදුකෙරුනි.
වස් ආරාධනා කිරීමේ පින්කම (ඡායාරූප)
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ වැඩවසන 106 නමක් පමණ වූ පින්වත් ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කිරීම දයාවංශ ජයකොඩි සහ සමාගමේ අධිපති පින්වත් දයාවංශ ජයකොඩි මහත්මා සහ එම මැතිණිය ඇතුලු ඤාති හිතමිත්‍රාදීන් විසින් පසුගිය ඇසළ පුන් පොහෝ දින (2019-07-16) සිදුකරන්නට යෙදුනා.






