News

News2016-11-08T10:09:29+05:30
1201, 2019

දමිළ දරුවන් වෙනුවෙන් සිදුකෙරුණු පාසල් උපකරණ පරිත්‍යාගය (ඡායාරූප)

By |January 12th, 2019|Categories: News, නවතම පුවත්|Comments Off on දමිළ දරුවන් වෙනුවෙන් සිදුකෙරුණු පාසල් උපකරණ පරිත්‍යාගය (ඡායාරූප)

පසුගිය දෙසැම්බර් මාසයේ උතුරු පළාත තුළ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය නිසා එම ප‍්‍රදේශවල ජීවත් වූ ජනතාව දැඩි ලෙස අසරණතාවයට පත්වුණා. මෙසේ අසරණතාවයට පැමිණි ජනතාවට සවියක් වීම සළකා ඔවුනගේ සුභ සෙත උදෙසා, එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශ‍්‍රද්ධා සමාජ සත්කාර ඒකකය විසින් පාසැල් උපකරණ හා ලිපි ද්‍රව්‍ය ලබා දීමේ පුණ්‍යකර්මයක් පසුගියදා සිදු කළා. මෙහිදී කිලිනොච්චියේ කණ්ඩාවලෛ මහා විද්‍යාලය, ධර්මපුරම් අම්බිකයි විද්‍යාලය, මුලතිව් නෙත්තලියාරු දෙමළ විද්‍යාලය යන පාසල් තුන කේන්ද්‍ර කර ගනිමිනුයි මෙම පාසැල් උපකරණ බෙදා දීම සිදු වුණේ. මේ පින්කමේදී 350 කට අධික දරුවන් පිරිසක් උදෙසා පාසැල් බෑග් හා අනෙකුත් පාසැල් උපකරණ ඇතුළු රු.3500කට අධික වටිනාකමකින් යුතු අංග සම්පුර්ණ පාසැල් උපකරණ කට්ටලයක් බැගින් ලබාදීම සිදුවුනා. මෙසේ බෙදා දුන් ආධාරවල වටිනාකම රුපියල් මිලියනයකට අධිකයි. මහමෙව්නාව භාවනා අසපු සංචිතයට සම්බන්ධ සැදැහැවතුන්ගේ හා ශ‍්‍රද්ධා රූපවාහිනී පේ‍්‍රක්ෂක, ලක්විරු ගුවන්විදුලි ශ්‍රාවක ඔබගේ ද්‍රව්‍යමය හා මූල්‍යමය දායකත්වයෙන් මෙම පින්කම සාර්ථක කරගැනීමට ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයට හැකියාව ලැබුණා.

3112, 2018

සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2018 දෙසැම්බර්

By |December 31st, 2018|Categories: News, සදහම් පරිත්‍යාග|2 Comments

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ (2018) දෙසැම්බර් මාසයේදී ද සදහම් පොත් කට්ටල් 15 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. මෙම මස සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් [...]

2012, 2018

කාසල් වීදියේ කාන්තා රෝහලේ ළදරු ඒකකයට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම

By |December 20th, 2018|Categories: News, නවතම පුවත්|2 Comments

ඉතා දුර්ලභව ලබන මිනිසත් බව රැකදෙනු පිණිස අහිංසක දරු සිඟිත්තන් දහස් ගණනකට අභයදානය පුද කරමින් කාසල් වීදියේ කාන්තා රෝහලේ ළදරු ඒකකයට අත්‍යවශ්‍යව තිබූ අධික මූල්‍යමය වටිනාකමකින් යුතු ළදරු සුරැකුම් කුටීර (Infant Incubator) 4ක් සහ විශේෂ ශ්වසන ආධාරක උපකරණ (ventilator) 4ක් පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයක් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය මගින් 2018-12-18 දින සිදුකෙරිනි. මේ සඳහා මෙත් සිතින් යුතුව දායකත්වය දැක්වූයේ විශ්ව පාරමී පදනමයි.

3011, 2018

බෝධීන් වහන්සේලා දහස්නමක් රෝපණය කිරීමේ පින්කම

By |November 30th, 2018|Categories: News, නවතම පුවත්|2 Comments

බෝධීන් වහන්සේලා දහස් නමක් රෝපණය කිරීමේ මහා පින්කමක් පසුගිය නොවැම්බර් 27 දින බණ්ඩාරවෙල, කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුවේදී අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදුකෙරුනා.

2011, 2018

සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑයේ ධාතු නිධානෝත්සවය (ඡායාරූප)

By |November 20th, 2018|Categories: News, නවතම පුවත්|4 Comments

සිරි ඉන්දක සමන් සත් බුදු මහා සෑ රජාණන් වහන්සේගේ උතුම් ධාතු නිධානෝත්සවය පසුගිය නොවැම්බර් 18 දින මහ සඟරුවනේ සෙත් පිරිත් සජ්ඣායනා සහ ලක්‍ෂ සංඛ්‍යාත දෙව්, බඹ, සුර, නර සාධු නාද මධ්‍යයේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පින්බර සුරතින් සිදුවූ වගයි……

1511, 2018

වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම

By |November 15th, 2018|Categories: News, නවතම පුවත්|1 Comment

පොල්ගහවෙල ප්‍රාදේශීය රෝහලට අඩුවක්ව පැවති ECG යන්ත්‍රයක් සහ රුධිර පීඩන මාන 5 ක් ඇතුලුව තවත් වෛද්‍ය උපකරණ කට්ටල් කිහිපයකුත් අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍යයනුත් පරිතග්‍යාග කිරීම පසුගිය නොවැම්බර් මස 08 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් සිදුකරන්නට යෙදුනා. 

Go to Top