News

News2016-11-08T10:09:29+05:30
1507, 2018

මහා අරහන්ත වන්දනාව – පොළොන්නරුව රන්කොත් වෙහෙරේදී

By |July 15th, 2018|Categories: News, නවතම පුවත්|3 Comments

අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා රූපවාහිනියත්, ලක්විරු ගුවන්විදුලියත් එක්ව සංවිධානය කරන සූවිසි දහසක් මහරහතුන් වන්දනාව අගෝස්තු 18 සවස 4.00 සිට රැය පහන් වනතුරු පොළොන්නරුව රන්කොත් වෙහෙරේදී පැවැත්වේ. මෙම වන්දනාවට පහන් අසූ හාර දහසක මහා ආලෝක පූජාවත්, පැන් පාත්‍රා විසි හතර දහසක මහා පැන් පූජාවත්, ගුවන් ගැබෙන් ඇද හැලෙන පිච්ච මල් පූජාව සහ සුවඳ මල් ලක්ෂයක මහා පුෂ්ප පූජාවත් සමඟින්, මහමෙව්නාව භාවනා අසපුවාසී පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලබයි. මේ මෙම අසිරිමත් වන්දනාවට සහභාගී වී අනුස්මරණීය පින් රැස්කරගැනීමට පින්වත් ඔබටත් මෙත් සිතින් ආරාධනා කර සිටිමු.

907, 2018

තඹකන්ද අසපුවේ විහාර මන්දිරය විවෘත කිරීමේ පින්කම (ඡායාරූප)

By |July 9th, 2018|Categories: News, නවතම පුවත්|Comments Off on තඹකන්ද අසපුවේ විහාර මන්දිරය විවෘත කිරීමේ පින්කම (ඡායාරූප)

තඹකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මංගල්‍යය පසුගිය 2018 ජූලි මස 07 වන දින සෙනසුරාදා පස්වරු 4.00 ට පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි. මෙම උතුම් පින්කමට සමගාමීව 6 වන දින සිකුරාදා රැය පහන්වන තුරු පාළි – සිංහල පිරිත් සජ්ඣායනාවක් පැවැත්වුණු අතර 8 වන දින ඉරිදා දහවල් මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනමනු ලැබිණි.

707, 2018

අනගාරිකා අසපුවේ නව කුටි සංකීර්ණය (ඡායාරූප)

By |July 7th, 2018|Categories: News, නවතම පුවත්|3 Comments

දෙස් විදෙස් සැදැහැවතුන් බොහෝ දෙනෙකුගේ ආධාර උපකාර ඇතිව දඹදෙණිය, මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ ඉදිකරන ලද අංග සම්පූර්ණ කුටි 26 කින් සමන්විත නව දෙමහල් කුටි සංකීර්ණය පසුගිය 2018 ජුනි මස 25 වන දින පූජා කරන්නට යෙදුනා. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදයෙන් මෙම කුටි සංකීර්ණයේ වැඩකටයුතු ආරම්භ කරන ලද්දේ 2017 වර්ෂයේ අගෝස්තු 11 වන දිනයි. මෙම නව කුටි 26 ට අමතරව ගිලන් කුටියක් සහ පුස්තකාලයක් ද දෙපසින් තනවා ඇත. කුටි 27 කින් සමන්විත පැරණි කුටි පද්ධතියට ම සම්බන්ධ කොට මෙම කුටි සංකීර්ණය ඉදිකොට ඇති අතර එම පැරණි කුටි ද අලුත්වැඩියා කොට නව පෙනුමක් ලබාදී ඇත.  අතීතයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ සිටි භික්ෂුණී සංඝයා සිහිගන්වන, බුදුසසුනෙහි අනගාරිකව සසුන් පිළිවෙත් පුරන පින්වත් මෑණියන් වහන්සේලාගේ පහසු විහරණය උදෙසා කරන ලද මෙම සෙනසුන් පූජාව සඳහා කාලයෙන්, ධනයෙන්, ශ්‍රමයෙන් ආධාර උපකාර කළ සියලු දෙනාට කරදර බාධක හිරිහැරවලින් තොරව සුවසේ ධර්මයේ හැසිරීම පිණිසත් මේ ගෞතම බුදු සසුනේදී ම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් මේ සියලු පින් හේතු වාසනා වේවා! සියල්ලෝ ම මේ උතුම් පුණ්‍ය කර්මය දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

407, 2018

තඹකන්ද අසපුවේ නව විහාර මන්දිරය විවෘත කිරීම

By |July 4th, 2018|Categories: News, නවතම පුවත්|Comments Off on තඹකන්ද අසපුවේ නව විහාර මන්දිරය විවෘත කිරීම

තඹකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මංගල්‍යය 2018 ජූලි මස 07 වන දින සෙනසුරාදා පස්වරු 4.00 ට පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහසඟ රුවනේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පැවැත්වේ. මෙම උතුම් පින්කමට සමගාමීව 6 වන දින සිකුරාදා රැය පහන්වන තුරු පාළි - සිංහල පිරිත් සජ්ඣායනාවක් පැවැත්වෙන අතර 8 වන දින ඉරිදා දහවල් මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනිමනු ලැබේ.  විශේෂයෙන්ම මෙම විහාර මන්දිරයේ පිළිම වහන්සේලා සඳහා මුදලින් දායකත්වය දැරූ සියලු දෙනාටත් එමෙන්ම මෙම විහාර මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සඳහා කාලයෙන්, ධනයෙන්, ශ්‍රමයෙන් ආධාර උපකාර කළ සියලු දෙනාටත් මෙම පින්කම දැකබලා අනුමෝදන් වනු කැමති සියලු දෙනාටත් මෙම උතුම් අවස්ථාවට සපැමිණෙන ලෙස මෙත් සිතින් ආරාධනා කර සිටිමු.

2906, 2018

ලක් මුනි වරුණ – ධර්ම දේශනා මාලාව

By |June 29th, 2018|Categories: News, නවතම පුවත්|2 Comments

පසුගිය පොසොන් පුන් පොහෝ දිනය පුරා (2018--06-27) හොරණ මහමෙව්නාව භාවනා අසපුවෙහි ලක් මුනි වරුණ නමින් විශේෂ ධර්ම දේශනා මාලාවක් පවත්වන්නට යෙදුනා. එම ධර්ම දේශනා සියල්ලේ ම විස්තර වූයේ අපගේ මේ ශ්‍රී ලංකාද්වීපයෙහි අතීතයේ වැඩසිටි උතුම් රහතන් වහන්සේලා පිළිබඳ තොරතුරු යි. එමෙන්ම එදින සවස අරහත් මුනිවරුන්ගේ ගුණ සිහිකරමින් අරහන්තක වන්දනාවකුත් රාත්‍රියේ පාලියෙන් සහ සිංහලෙන් මහාසමය සූත්‍ර දේශනාව සජ්ඣායනා කිරීම ද සිදුකෙරුනා.

1506, 2018

නව පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම – කළුබෝවිටියන මහා විද්‍යාලය

By |June 15th, 2018|Categories: News, නවතම පුවත්|1 Comment

ශ්‍රද්ධා මාධ්‍ය ජාලය, මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමය, මැලේසියාවේ ථේරවාද බෞද්ධ මණ්ඩලය, ආරක්ෂක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා සමාගම එක්ව පසුගිය වසරේ මැයි මස දී නායයෑමෙන් දැඩි ලෙස අලාභ හානි වූ මාතර, කළුබෝවිටියන මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට කටයුතු ආරම්භ කරන ලදී. කළුබෝවිටියන මහා විද්‍යාලයේ නැවත ඉදි කරනු ලැබූ දිගින් අඩි 80 ක් සහ පලළින් අඩි 25ක් වූ පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය පසුගිය ජූනි මස 13 වැනිදා පැවැත්විණි. කළුබෝවිටියන මහා විද්‍යාලයේ ඉදි කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ මූලිකත්වයෙන්, මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සමාජය සහ මැලේසියාවේ ථේරවාදී බෞද්ධ මණ්ඩලය විසින් අරමුදල් සපයනු ලැබිනි. මෙම සත්ක්‍රියාව ඩයලොග් ආසිආටා සමාගමේ සම්බන්ධීකරණයෙන් සිදු කරනු ලැබූ අතර, මෙම ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන්, ආරක්ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය නොමිලේ ලබාදී ඇත.

Go to Top