News

News2016-11-08T10:09:29+05:30
1204, 2018

කන්තලේ අසපුවේ පින්කම

By |April 12th, 2018|Categories: News, නවතම පුවත්|Comments Off on කන්තලේ අසපුවේ පින්කම

බොහෝ දෙනෙකුට සුවසේ දහම් අසනු පිණිස කන්තලේ මහමෙව්නාව භාවනා අසපුවෙහි ඉදිවෙන අභිනව දෙමහල් ධර්ම ශාලාවේ පළමු මහලෙහි වැඩ අවසන් වීම නිමිත්තෙන් සැමට සෙත් පතා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ සියක් නමක් පමණ වූ මහසඟරුවන වඩමවා මහා සංඝගත දක්ෂිණාවක් පසුගිය අපේ්්‍රල් මස 7 සහ 8 යන දෙදින තුළ කන්තලේ ධම්මගිරි භාවනා අසපුවේදී බොහෝ සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනි. මෙහිදී මරණයට කැපවූ කිරිදෙනුන් සයදෙනෙකු මරණයෙන් මුදවා ඔවුන්ව ආදරයෙන් රැකබලා ගත හැකි පවුල් වෙත ලබාදීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ද සිදුකෙරුණු අතර අසපුවෙහි වැඩසිටින සර්වඥ ධාතු නිධාපිත ධම්මගිරි මහසෑ රජුන් උදෙසා විශේෂ වන්දනාවක් ද පවත්වන ලදී. විශේෂයෙන් ම අපගේ වෙබ් අඩවිය මගින් පළකළ දැන්වීම්වලට අනුව මෙම ධර්ම ශාලාවේ ඉදිකිරීම් කටයුතු සඳහා දායකත්වය ලබාදුන් දෙස් විදෙස් සැදැහැවතුන්ටත් මෙම පින්කම සාර්ථක අයුරින් සිදුකරගැනීමට නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුන තුළදී ම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස මේ සියලු පින් හේතුවාසනා වේවා!

1004, 2018

ලේ දන්දීමේ පින්කම | 2018-04-08

By |April 10th, 2018|Categories: News, නවතම පුවත්|Comments Off on ලේ දන්දීමේ පින්කම | 2018-04-08

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 26 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2018-04-08 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 180 පමණ පිරිසක් තම රුධිරය පරිත්‍යාග කළා. ඒ සියලු දෙනාට ආහාරපානාදියෙන් සංග‍්‍රහ කළේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුනුත් යොවුන් බෝධිඤාණ සභාවේ දරුදැරියනුත් විසිනුයි. “මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු” යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරි කරගෙන අසරණ රෝගියෙකු මරණයෙන් ගලවා ගැනීම පිණිස තම රුධිරය පරිත්‍යාග කළ ඒ සියලු දෙනාටත් මේ පින්කම සාර්ථක කරගැනීම සඳහා අවවාද අනුශාසනා ලබාදුන් පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ආහාරපානාදියෙන් සංග්‍රහ කළ සියලු පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් ඉතා සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් මේ සියලු පින් හේතුවාසනා වේවා! සියල්ලෝම මේ පින දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

604, 2018

පින්වත් දරුවන් අපේක්ෂිත දෙමව්පියන් උදෙසා වූ සත් දින විශේෂ මහා අධිෂ්ඨාන පූජාව

By |April 6th, 2018|Categories: News, නවතම පුවත්|1 Comment

පින්වන්ත දරුවන් අපේක්ෂාවෙන් පසුවෙන දෙමව්පියන් උදෙසා ම විශේෂයෙන් සංවිධානය කරන ලද සත් දින විශේෂ මහා අධිෂ්ඨාන පූජාවක් මෙම අප්‍රේල් මස 24 වන දා සවස සිට මැයි මස 01 වන දා දක්වා අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. මෙම වැඩසටහනට සහභාගී වන පින්වත් දෙමාපියන් හට දානය, ගිලන්පස මෙන්ම නවාතැන් පහසුවද සළසා ඇත.

504, 2018

මොණරාගල අසපුවේ අභිනව බෝධි මණ්ඩපය

By |April 5th, 2018|Categories: News, නවතම පුවත්|Comments Off on මොණරාගල අසපුවේ අභිනව බෝධි මණ්ඩපය

මොණරාගල මහමෙව්නාව භාවනා අසපුවේ ඉතා අලංකාර ලෙස ඉදිකරන ලද අභිනව බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහා පින්කම පසුගිය මාර්තු 25 වන දින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනි. මෙම උතුම් පින්කමට සමගාමීව මාර්තු 24 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදින මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනමන ලදී.

504, 2018

සදහම් පොත් පරිත්‍යාග – 2018 මාර්තු

By |April 5th, 2018|Categories: News, නවතම පුවත්|Comments Off on සදහම් පොත් පරිත්‍යාග – 2018 මාර්තු

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ මාර්තු මාසයේදී ද සදහම් පොත් කට්ටල් 19 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. මෙම මස සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ,

3003, 2018

ගර්භණි මව්වරුන්ගේ විශේෂ සදහම් වැඩසටහන් පෙළ – 3 වන අදියර

By |March 30th, 2018|Categories: News, නවතම පුවත්|Comments Off on ගර්භණි මව්වරුන්ගේ විශේෂ සදහම් වැඩසටහන් පෙළ – 3 වන අදියර

තුන්වන අදියර මාර්තු මස 24 වන දින කොටපොල මොරවක්කෝරලේ තේ සමූපකාර සමිති ශාලාවේදී පැවැත්විය.මොරවක, පස්ගොඩ, උෟරුබොක්ක හා ඒ අවට ප‍්‍රදේශයේ සිටින ගර්භණී මව්වරුන් එහිදී විශේෂයෙන් ඉලක්ක කෙරුණි. මේ සඳහා ගැබිණි මව්වරුන් 350කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර එම මව්වරුන් උතුම් සීලයෙහි පිහිටුවා ධර්මානුශාසනාව පැවැත්වීමද සෞඛ්‍ය අධ්‍යක්ෂතුමාගේ විශේෂ දේශනය ද පිරිත් සජ්ඣායනය ද මව්වරුන් වෙනුවෙන් පිරිත් පැන් හා පිරිත් නූල් ලබා දීම ද සිදු විය. ඊට අමතරව සෑම මවකටම මහමෙව්නාවේ පාලි සිංහල පිරුවානා පොත් වහන්සේ, සැබෑ බිරිඳ කවුද සදහම් ග්‍ර‍න්ථය මහාමේඝ සදහම් පුවත්පත ද ලබා දීම සිදු විය.

Go to Top