පොතුහැර අසපුවේ අභිනව බෝධි මණ්ඩපය
පොතුහැර මහමෙව්නාව භාවනා අසපුවේ ඉතා අලංකාර ලෙස ඉදිකරන ලද අභිනව බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහා පින්කම පසුගිය මාර්තු 17 වන දින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනි. මෙම උතුම් පින්කමට සමගාමීව මාර්තු 16 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදින මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනමන ලදී.
තායි වන්දනා පාද යාත්‍රා
ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර චිරාත්කාලයක සිට පවතින සදහම් මිතුදම ශක්තිමත් කරමින් අප ලක්දෙරණේ අසිරිමත් පුණ්‍යභූමීන් වන්දනා කරමින් ලක් දෙරණ සිසාරා පාගමනින් වැඩම කරනා පුණ්‍ය චාරිකාවයි "ධර්ම යාත්‍රා" මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මහරහතන් වහන්සේලා 1000 [...]
ගර්භණි මව්වරුන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සදහම් වැඩසටහන් පෙළේ දෙවන අදියර
මාතර උඩඅපරැක්ක මහමෙව්නාව මහා විහාරයත් දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයත් හා එකතුව "පින්වන්ත දරුවන් ලබන්නට නම්" යන මැයින් ගර්භණී මව්වරුන් වෙනුවෙන් වන විශේෂ සදහම් වැඩසටහන් පෙළක් මාතර දිස්ත‍්‍රික්කයේ සංවිධානය කර තිබේ. මාතර දිස්ත‍්‍රික්කයේ වාර්ෂිකව 12000 කට අධික ගර්භණී මව්වරුන් පිරිසක් සිටින අතර එම මව්වරුන්ගේ අධ්‍යාත්මය ගුණදහමින් පෝෂණය කිරීමත් කුස තුළ සිටින දරුවන්ට තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලබා දීමත් මහා බල ඇති මහා තෙද ඇති අංගුලිමාල මහරහතන් වහන්සේගේ අනන්ත සීලානුභාව බලයෙන් මව්වරුන්ට සෙත්පතා අංගුලිමාල පිරිතේ ආශිර්වාදය ලබා දීමත් යන මූලික අරමුණ සහිතව මෙම වැඩසටහන් පෙළ ක‍්‍රියාත්මක වෙයි.
යොවුන් දහම් සක්මන – 2018
යහගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන තාරුණ්‍යය ම ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් තෙවැනි වරටත් සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන ‘ සදහම් වැඩසටහන 2018 පෙබරවාරි 13 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අතිසාර්ථකව නිමාවට පත්විය. අපගේ ගුරුදේවොත්තම කල්‍යාණමිත්‍ර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබූ බුද්ධ වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සූත්‍ර සජ්ඣායනා ආදී නන්විධ පුණ්‍ය දහරාවන්ගෙන් සමන්වින්විත වූ මෙම වැඩසටහන සඳහා යොවුන් දූදරුවන් 5000කට අධික පිරිසක් සහභාගි විය.
බිබිල අසපුවේ සිරි ගෞතම බෝධි රෝපණය
බිබිල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකළ සිරි ගෞතම බෝධි මණ්ඩපයෙහි, විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් රෝපණය කිරීම හා නව කුටි සෙනසුන් සඟසතු කොට පූජා කිරීමේ පින්කමක් පසුගිය ජනවාරි මස 27 වන දින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
වැලිගම නගර ශාලාවේදී ගර්භණී මාතාවන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ දහම් වැඩසටහන
මාතර දිස්ත්‍රික්කය පුරාවට වසරකට ගැබිණි මව්වරුන් 12000කට අධික ප්‍රමාණයක් පින්වන්ත දරුවන් දැයට දායාද කරන අතර මේ පින්වන්ත දරුවන් හට මහා බල ඇති අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආරක්ෂාවත් තුනුරුවනේ අනන්ත ආශීර්වාදයත් ලබාදීම පිණිස මාතර උඩ අපරැක්ක මහමෙව්නාව මහා විහාරයේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් සහ යොවුන් සභාවේ දරුවන්ගේ සංවිධානයෙන් සැදැහැතියන්ගේ ධන පරිත්‍යාගයෙන් ගැබිණි මව්වරුන් උදෙසා සීල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වේ. දකුණු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමාගේ සහයෝගයෙන් මාතර, වැලිගම, දික්වැල්ල, අකුරැස්ස, හක්මණ, දෙණියාය, කඹුරුපිටිය ආදී ප්‍රදේශ වල සීල භාවනා වැඩසටහන් සංවිධානය කිරීමට අපේක්ෂිත අතර ඉන් පළමු වැඩසටහන පසුගිය ජනවාරි මස 20 වන දින වැලිගම නගර ශාලාවේදී පැවැත්වීමට හැකි විය.






