අසිරිමත් සර්වඥ ධාතූ පූජා මංගල්‍යය සහ පෙරහැර
කඩුවෙල, හේවාගම මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිවූ සිරි ගෞතම සිරිපා මහා විහාර මන්දිරයේ තැන්පත් වන අසිරිමත් සර්වඥ ධාතූන් වහන්සේලාට උපහාර පිණිස පවත්වන අසිරිමත් සර්වඥ ධාතූ පූජා මංගල්‍යය සහ පෙරහැර අප්‍රේල් මස 28 සෙනසුරාදා සවස 4.00 සිට කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පරිශ්‍රයේ දී පැවැත්විය. අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වූ මෙම උතුම් පුණ්‍යකර්මයෙන් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවිවරුන්ටත්, සිරි ගෞතම සිරිපා විහාරය තනවනු පිණිස නන් අයුරින් උපකාර කළ සියලු පින්වතුන්ටත්, දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා!
පොල්ගහවෙල අසපුවේ වෙසක් පුන් පොහෝදා වැඩසටහන් පෙළගැස්ම
එළඹෙන වෙසක් පුන් පොහොය දිනයේදී පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සීල භාවනා වැඩසටහන පැවැත්වෙන්නේ පහත පරිදි ය. එමෙන්ම වෙසක් පුන් පොහෝදා සිට මැයි 06 දින දක්වා බාල පණ්ඩිත සූත්‍රය ඇසුරෙන් නිරය සහ දෙව්ලොව පිළිබඳ තොරතුරු විදහා දක්වන විශේෂ නිර්මාණයක් ද මහජන ප්‍රදර්ශනය සඳහා සූදානම් කොට තිබේ. ඒ පිළිබඳ වැඩි විස්තර මෙම සබැඳිය ඔස්සේ දැනගත හැකිය.
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ වෙසක් විශේෂාංගය
මජ්ඣිම නිකායට අයත් මෙම දෙසුමෙහි ඇතුලත් කරුණු පිළිබඳ නිසි අවබෝධයක් ලබාදෙනු පිණිස යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාකරවන චලන රූපක භාවිතා කරමින් ඉතා අසිරිමත් නිර්මාණයක් එළඹෙන වෙසක් මංගල්‍යය නිමිත්තෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් ඉදිරිපත් කොට තිබේ. මෙම වෙසක් විශේෂාංගය අප්‍රේල් මස 29 වන දින වෙසක් පුන් පොහෝ දා සිට මැයි මස 06 වන දින දක්වා උදෑසන 6.00 සිට රාත්‍රී 9.30 දක්වා එම ශාලාව ඔබ වෙනුවෙන් විවෘතව පවතී.
සිඩ්නි අසපුවට බෝධීන් වහන්සේ වැඩම කරවීම
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ ශ්‍රී ලංකාද්වීපයේ සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපු පින්බිමට වැඩමකරවන්නට යෙදුන උතුම් බෝධීන්වහන්සේ නමක් 2018-04-15 වන දින සිඩ්නි නුවර සුපිහිටි මහමෙව්නාව භාවනා අසපු පින්බිමට වැඩමකරවන්නට යෙදිණි. අලංකාර ලෙස සරසන ලද නෞකාවක වඩාහිඳුවා ධජපතාක නැංවූ මගෙහි සැදැහැවතුන්ගේ සාදුකාර මධ්‍යයේ හේවිසි හා සංඛ නාදයෙන් පුදමින් දර්ශනිය පෙරහැරකින් වැඩම කරවූ බෝධින්වහන්සේ මලින් සැරසු සොඳුරු මණ්ඩපයක තැන්පත් කෙරිණි. අනතුරුව සැදැහැ සිතින් පිළියෙල කල මල්, පහන්, ගිලන්පස ආදී සියලු පුජාවන් පුජාකරමින් සිදුකළ අසිරිමත් බෝධි වන්දනාව බොහෝ දෙනාට පිං ඵල උපදවන්නක් විය.
මහමෙව්නාව මහා විහාරයේ වෙසක් පින්කම්
තිලෝගුරු භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ත්‍රෛමංගල්‍යය සිහිකරමින් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අපරිමිත ගුණස්කන්ධයට උපහාර පිණිස නා නා විධ ආමිස සහ ප්‍රතිපත්ති පූජෝපහාර පැවැත්වීමත් දහස් සංඛ්‍යාත සැදැහැතියන්ගේ සිත් තුළ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නය කෙරෙහි පහන් සිතිවිලි ඇති කරලීමත් පිණිස මාතර, උඩඅපරැක්ක මහමෙව්නාව මහා විහාරයේ ද දින 5ක් පුරා විශේෂ පින්කම් මාලාවක් සංවිධානය කොට තිබේ.
කුණ්ඩසාලේ මහමෙව්නාව අසපුවේ වෙසක් පින්කම්
ශ්‍රී බුද්ධ වර්ෂ 2562 වෙසක් පුන් පොහොය නිමිති කරගෙන කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ අප්‍රේල් මස 21 වන දින සිට 29 වනදා දක්වා ත්‍රිපිටක සජ්ඣායනාවක් ද ඇතුලුව විශේෂ පින්කම් මාලාවක් සංවිධානය කොට තිබේ. මින් වසර 2607 කට පෙර දඹදිව බුද්ධගයාවේ වජිරාසනය මත වැඩහිඳිමින් උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කළ අපගේ මහාමුනීන්ද්‍රයන් වහන්සේ විසින් පන්සාලිස් වසරක් මුළුල්ලෙහි දෙව් මිනිස් ලෝ සතුන් කෙරෙහි අපමණ කරුණාවෙන් දේශනා කොට වදාළ නෛර්යාණික ශ්‍රී සද්ධර්මයෙහි ඇතුලත් ඒ ඒ නිකායන්ට අයත් සූත්‍ර දේශනා සතියක් පුරා එම උතුම් පින්බිමේදී බුද්ධ භාෂාවෙන් ම සජ්ඣායනා වනු ඇත. එහි කාලසටහන පහත අමුණා තිබේ. එමෙන්ම එම සතිය පුරා සෑම දිනකම රාත්‍රී 7.00 සිට 8.30 දක්වා ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර එම දිනවලදී කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවට පැමිණීමෙන් එම උතුම් සදහම් ශ්‍රවණය කරන්නටත් සජ්ඣායනා කරන්නටත් ඒ තුලින් උතුම් පින් රැස්කරගැනීමටත් මහඟු අවස්ථාවක් උදාවී ඇත. මීට අමතරව වෙසක් පුන් පොහෝ දින උදෑසන 6.00 සිට පසුදා පහන්වන තුරු සීල භාවනා වැඩසටහන පැවැත්වෙන අතර එදින දහවල් 1.00 ට පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුමධුර ධර්ම දේශනයක් ද පැවැත්වීමට නියමිත ය. ලද දුලබ මිනිස් දිවිය තුල තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් ලෙස තම ජීවිතයට අපමණ පින්ඵල නෙළාගනු පිණිසත් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුදු තෙමඟුල අර්ථවත්ව සැමරීම පිණිසත් මෙම පින්කම් මාලාවට සම්බන්ධ වන ලෙස මහනුවර ප්‍රදේශයේ වෙසෙන ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු.






