නව ව්‍යවහාර වර්ෂයට සෙත් පතා ශ්‍රද්ධා රූපවාහිනියෙන් විශේෂ පින්කමක්
උදා වූ නව ව්‍යවහාරික වර්ෂයට සෙත්පතා ශ්‍රද්ධා මාධ්‍යජාලය මඟින් ඊයේ දිනයේදී (2017-12-31) ආශීර්වාදාත්මක බෝධි වන්දනාවක් සහ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ශ්‍රද්ධා රූපවාහිනිය සුපිහිටි කඩුවෙල හේවාගම මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේදී පවත්වන ලදී. දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු මෙම අසිරිමත් පින්කමේදී මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විශේෂ ධර්ම දේශනාවක් ද පවත්වන ලදී. එම ධර්ම දේශනාවේදී උන්වහන්සේ විසින් ඉස්මතු කොට පෙන්වන ලද්දේ උදාවන නව ව්‍යවහාර වර්ෂයේදී ධර්මයේ නාමයෙන් පවසන අධර්මයන්ට මුළා නොවී නුවණින් යුක්තව කටයුතු කොට තමන්ගේ තිසරණය ආරක්ෂා කොටගෙන තිසරණ සරණ තුළ පිහිටා සිටීමට වීරිය ගත යුතු බවයි. එමෙන්ම ශ්‍රද්ධා රූපවාහිනිය ආරම්භයේ පටන් මෙම පස් අවුරුදු කාලය තුළ ශ්‍රද්ධා වාර්ෂික ධර්මදාන දායකත්වය දරමින් මෙම සුවිශාල ධර්ම ප්‍රචාරක සේවාවට ආධාර උපකාර කරන සියලු පින්වතුන්ට ආශීර්වාද කොට පින් අනුමෝදන් කරන ලද අතර විශේෂ පුණ්‍යාවර්ජනා වීඩියෝ පටයක් ද විකාශය කරන ලද්දේ ශ්‍රද්ධා රූපවාහිනිය මගින් මෙතෙක් සිදුකළ ධර්ම ප්‍රචාරක සේවාව සහ සමාජ සත්කාර සේවාවන් සියලු දෙනාට සතුටින් අනුමෝදන් වීම පිණිස ය.
2018 වර්ෂයේ මාසික දහම් වැඩසටහන පැවැත්වෙන දිනයන්
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ දී පැවැත්වෙන මෙම මාසික දහම් වැඩසටහන තුළින් මෙතෙක් කල් පටිච්ච සමුප්පාදය, පංච උපාදානස්කන්ධය ආදී ගැඹුරු දහම් කරුණු පිළිබඳව බුද්ධ දේශනා ඇසුරින් උගන්වනු ලැබිණි. ඉදිරියේදී ද ඔබට මෙම දහම් වැඩසටහනට සහභාගී වීමෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ගැඹුරු දහම් කරුණු ඇතුලත් සූත‍්‍ර දේශනා විස්තරාර්ථ සහිතව ඉගෙන ගැනීමේ ඉතා දුර්ලභ භාග්‍යය ළඟා කරගත හැකිය.
සදහම් පොත් පරිත්‍යාග – 2017 දෙසැම්බර්
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ද සදහම් පොත් කට්ටල් 17 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. ඒ අනුව මෙම වර්ෂයේ පරිත්‍යාග කරන ලද සියලු පොත් කට්ටල් ගණන 197 කි. සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාට.....
පානීය ජල ව්‍යාපෘතිය – මැදවච්චිය, කටුකැලියාව
පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ක්‍රියාත්මක කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මැදවච්චිය, කටුකැලියාව ගම්මානයේ ඉදි කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම 2017-12-16 වැනි දින සිදු විය.
අජාන් සුමේධෝ මාහිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනයක්
ලෝ ප්‍රකට අජාන් චා ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවරයෙක් වශයෙන් තායිලන්තයේදී උතුම් පැවිදි බිමට පත්ව එංගලන්තයේ අමරාවතී බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩවසමින් බටහිර ලෝකය තුළ බෞද්ධ භාවනා ක්‍රම ප්‍රචලිත කරන්නට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ "The Sound of Silense" ආදී ලෝප්‍රකට භාවනා ග්‍රන්ථ රැසක කතුවරයාණන් වහන්සේ වන අතිපූජනීය අජාන් සුමේධෝ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පසුගිය දෙසැම්බර් 12 වන දින සවස 6.30 සිට 8.30 දක්වා කඩුවෙල හේවාගම මහමෙව්නාව භාවනා අසපුවේදී ඉංග්‍රීසි බසින් ධර්ම දේශනයක් සහ ධර්ම සාකච්ඡාවක් පවත්වන්නට යෙදුනි.
පිවිතුරු පැන් පූජා – පුල්එළිය, මැදවච්චිය
මාරාන්තික වකුගඩු රෝගය හේතුවෙන් පීඩාවට පත් අප මාතෘ භූමියේ වෙසෙන සුවහසක් ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය මගින් ක්‍රියාත්මක කෙරෙන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ක්‍රියාත්මක කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මැදවච්චිය, පුල්එළිය ගම්මානයේ ඉදි කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම 2017-12-09 වැනි දින සිදු විය.






