මාතර දිස්ත්‍රික්කය පුරාවට වසරකට ගැබිණි මව්වරුන් 12000කට අධික ප්‍රමාණයක් පින්වන්ත දරුවන් දැයට දායාද කරන අතර මේ පින්වන්ත දරුවන් හට මහා බල ඇති අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආරක්ෂාවත් තුනුරුවනේ අනන්ත ආශීර්වාදයත් ලබාදීම පිණිස මාතර උඩ අපරැක්ක මහමෙව්නාව මහා විහාරයේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් සහ යොවුන් සභාවේ දරුවන්ගේ සංවිධානයෙන් සැදැහැතියන්ගේ ධන පරිත්‍යාගයෙන් ගැබිණි මව්වරුන් උදෙසා සීල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වේ. දකුණු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමාගේ සහයෝගයෙන් මාතර, වැලිගම, දික්වැල්ල, අකුරැස්ස, හක්මණ, දෙණියාය, කඹුරුපිටිය ආදී ප්‍රදේශ වල සීල භාවනා වැඩසටහන් සංවිධානය කිරීමට අපේක්ෂිත අතර ඉන් පළමු වැඩසටහන පසුගිය ජනවාරි මස 20 වන දින වැලිගම නගර ශාලාවේදී පැවැත්වීමට හැකි විය.

ගැබිණි මව්වරුන් 400 කට අධික පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වූ අතර මව්වරුන් උදෙසා උදෑසන සුප් ආහාර දානය පූජා කිරීම ද පිරුවානා පොත් වහන්සේලා, මහාමේඝ පුවත් පත, පිරිත් පැන්, පිරිත් නූල්, සැහැල්ලු ආහාර ලබා දීම ද සිදු කරන ලදී.

මේ අයුරින් රැස් කළ සියලු පින් උදව් උපකාර කළ සියලු දෙනාටම අනුමෝදන් වෙත්වා! දැක බලා සතුටු වන සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා! සසර දුකින් නිදහස් වීම පිණිස මේ පින් උපකාර වේවා!

මාතර, දික්වැල්ල, අකුරැස්ස, හක්මණ, දෙණියාය, කඹුරුපිටිය ආදී ප්‍රදේශවල ඉදිරියේදී පැවැත්වීමට අපේක්ෂිත ගැබිණි මව්වරුන්ගේ සීල භාවනා වැඩසටහන් සඳහා ඔබටද සහයෝගය දැක්විය හැකිය.

විමසීම් – 0716410444

සුජාත දරු පරපුක් උදෙසා මාතර, උඩ අපරැක්ක, මහමෙව්නාව මහා විහාරයෙන් සිදු කෙරෙන සදහම් සත්කාරයකි.