නිවැරදි ලෙස දහම ඇසීම යනු
ශාස්තෘන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කිරීමයි.
සැබෑ දහම් නිරුක්තිය ශ්‍රද්ධාවෙන් ඉගෙන ගනිමු.
එය නිවන් මගේ පළමු පියවරයි…

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී පවත්වනු ලබන මෙම මාසික දහම් වැඩසටහන තුළින් මෙතෙක් කල් පටිච්ච සමුප්පාදය, පංච උපාදානස්කන්ධය ආදී ගැඹුරු දහම් කරුණු පිළිබඳව බුද්ධ දේශනා ඇසුරින් උගන්වනු ලැබිණි. ඉදිරියේදී ද ඔබට මෙම දහම් වැඩසටහනට සහභාගී වීමෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ගැඹුරු දහම් කරුණු ඇතුලත් සූත‍්‍ර දේශනා විස්තරාර්ථ සහිතව ඉගෙන ගැනීමේ ඉතා දුර්ලභ භාග්‍යය ළඟා කරගත හැකිය.

2018 වසරේදී මාසික දහම් වැඩසටහන පැවැත්වෙන දිනයන්

0
ජනවාරි
0
පෙබරවාරි
0
මාර්තු
0
අප්‍රේල්
0
මැයි
0
ජුනි
0
ජූලි
0
අගෝස්තු
0
සැප්තැම්බර්
0
ඔක්තෝබර්
0
නොවැම්බර්
0
දෙසැම්බර්

විශේෂයෙන් ම මෙම දහම් වැඩසටහනට සහභාගී වන පින්වතුන් උදෙසා දානය-ගිලන්පස ආදිය භාරගැනීමේ අවස්ථාව ද ඔබට උදාවී තිබේ. එම පුණ්‍ය කර්මය රැස්කර ගැනීමට කැමැති පින්වතුන් 0779516124 යන අංකයට අමතන්න.