මින් වසර 2642කට පෙර වෙසක් පුන් පොහෝ දිනයක දඹදිව කපිලවස්තුපුර ලුම්බිණි සාල වනෝද්‍යානයේදී අපගේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මෙලොව උපන් වූ සේක. ඒ අසිරිමත් දිනයේදී ම ගයාවේ නේරංජරා නදී‍තෙර ඇසතු වෘක්ෂයක් හු‍දෙකලාව පොළ‍ොවෙන් මතුවිය. අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මින් වසර 2607කට පෙර බුද්ධගයාවේ වජිරාසනය මත වැඩහිඳිමින් මර සෙනඟ පරදවා උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කළේ ඒ උතුම් වෘක්ෂය සෙවණේෙදී ය.

එතැන් පටන් ඒ උතුම් වෘක්ෂය “බෝධීන් වහන්සේ” යන නමින් සකල ලෝකවාසි බෞද්ධ ජනයාගේ නොමඳ ගෞරවාදරයට පාත්‍රවන්නට විය. බොහෝ දෙවිමිනිසුන්ට සුගති සැප සලසාලු ඒ උතුම් ජයසිරි මහ බෝධින් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ ශ්‍රී ලංකාද්වීපයේ සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපු පින්බිමට වැඩමකරවන්නට යෙදුන උතුම් බෝධීන්වහන්සේ නමක් 2018-04-15 වන දින සිඩ්නි නුවර සුපිහිටි මහමෙව්නාව භාවනා අසපු පින්බිමට වැඩමකරවන්නට යෙදිණි.

අලංකාර ලෙස සරසන ලද ‍නෞකාවක වඩාහිඳුවා ධජපතාක නැංවූ මගෙහි ‍සැදැහැවතුන්ගේ සාදුකාර මධ්‍යයේ හේවිසි හා සංඛ නාදයෙන් පුදමින් දර්ශනිය ‍පෙරහැරකින් වැඩම කරවූ බෝධින්වහන්සේ මලින් සැරසු සොඳුරු මණ්ඩපයක තැන්පත් කෙරිණි. අනතුරුව සැදැහැ සිතින් පිළියෙල කල මල්, පහන්, ගිලන්පස ආදී සියලු පුජාවන් පුජාකරමින් සිදුකළ අසිරිමත් බෝධි වන්දනාව බොහෝ දෙනාට පිං ඵල උපදවන්නක් විය.

මේ උතුම් පුණ්‍යකර්මයෙන් ජනිතවූ සියලු පුණ්‍යධර්මයන්, මේ පිංකමට ධනයෙන් ශ්‍රමයෙන් දායක වූ සැමටත් දැක බලා අසා සතුටු වූ සැමටත් අනුමෝදන් වෙත්වා!

සිරි ගෞතම බෝ රජාණන් වහන්සේගේ අනුහසින් සැමට සෙත සැලසේවා!