2018 අගෝස්තු මස අ.පො.ස (උ/පෙළ) විභාගයට පෙනී සිටින සිසු දරුදැරියන් හට මානසික සමබරතාවයෙන් යුතුව විභාගයට මුහුණ දෙන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් 2018-07-28 වන දින මාතර සමූපකාර ශාලාවේ දී පැවැත්විණි. විභාග අපේක්ෂක දරුවන්ට ඉතා වටිනා ඔවදන් රැසක් ලබාදුන් මෙම සාකච්ඡාව පින්වත් ස්වාමීන් වහන්සේ නමක් සහ මානව හැකියා සංවර්ධන විශේෂඥ / පුහුණුකරු සනත් ගමගේ මහතා එක්ව පවත්වන ලදී. එදින ම සවස මාතර ඓතිහාසික බෝ සමිඳුන් අභියසදී විභාගයට පෙනී සිටින දරු දැරියන් හට තුනුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි වන්දනාවක් ද පැවැත්විණි.