තඹකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මංගල්‍යය පසුගිය 2018 ජූලි මස 07 වන දින සෙනසුරාදා පස්වරු 4.00 ට පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි. මෙම උතුම් පින්කමට සමගාමීව 6 වන දින සිකුරාදා රැය පහන්වන තුරු පාළි – සිංහල පිරිත් සජ්ඣායනාවක් පැවැත්වුණු අතර 8 වන දින ඉරිදා දහවල් මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනමනු ලැබිණි.

සෑම සෙනසුරාදා දිනකම ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ සජීවීව ඔබ වෙත ගෙන “සිංහාවලෝකනය” දහම් කතිකාව ද මෙවර විකාශය වූයේ තඹකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ සිටයි.

විශේෂයෙන්ම මෙම විහාර මන්දිරයේ පිළිම වහන්සේලා සඳහා මුදලින් දායකත්වය දැරූ සියලු පින්වතුන්ටත්, මෙම විහාර මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සඳහා කාලයෙන්, ධනයෙන්, ශ්‍රමයෙන් ආධාර උපකාර කළ සියලු දෙනාටත්, මෙම පින්කම දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් රැස් වූ සියලු පින් මේ ගෞතම බුදු සසුනේදී ම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස හේතුවාසනා වේවා!

 

තඹකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ සිට සජීවිව විකාශය වූ සිංහාවලෝකනය ධර්ම සාකච්ඡාව
සිංහාවලෝකනය පසුගිය වැඩසටහන් (වීඩියෝ දර්ශන)
සිංහාවලෝකනය පසුගිය වැඩසටහන් (හඬපට)