තුන් ලොවක් සදහම් අමා දියෙන් නිවා සනහාලූ අප ගෞතම ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදායට උපහාර පිණිස, සැදැහැතියන් වෙත කරුණාවෙන් සෙත සලසා දෙනු පිණිස මාතලේ, මඩවල උල්පත මහමෙව්නාව භාවනා අසපු පින්බිමෙහි පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුක්තව මහා සංඝරත්නයේත්, දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේත් අසීමිත කැපවීමෙන් ඉදිවන අඩි 145 උසැති සිරි ගෞතම ශාක්‍යමුනි මහා සෑරජාණන් වහන්සේගේ හතරැස් කොටුවේ උතුම් ධාතු නිධානෝත්සවය පෙබරවාරි මස 17 වන ඉරු දින මහ සඟරුවනේ සෙත් පිරිත් සජ්ඣායනා සහ ලක්‍ෂ සංඛ්‍යාත බඹ, සුර, නර සාධු නාද මධ්‍යයේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පින්බර සුරතින් සිදුවන වගයි……

එම උතුම් පින්කමට සමගාමීව තඹ පත්ඉරුවල සටහන් කළ ති‍්‍රපිටක පොත් වහන්සේලා, තැන්පත් කිරීමට නියමිත අනේකවිධ පූජා වස්තූන් සහ හතරැස් කොටුවේ උතුම් ධාතු ගර්භය ප‍්‍රදර්ශනය පෙබරවාරි මස 05 වන දින සිට 13 වන දින තෙක් උදෑසන 9 සිට රාතී‍්‍ර 9 දක්වා සිදුවේ. එමෙන්ම පෙබරවාරි මස 16 වන දින රැය පහන්වනතුරු පාලි සිංහල පිරිත් දේශනයක් ද පැවැත්වෙන අතර 17 දින උදෑසන ධාතු නිධානෝත්සවයෙන් අනතුරුව දහවල මහා සංඝගත දක්‍ෂිණාවෙන් පින්කම නිමාවට පත්වේ.

දෙලොව සෙත සලසා ගනිමින් පින් අස්වනු නෙළනු රිසි සුපින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා…

සියලු විමසීම් – 066 22 48118