එළඹෙන වෙසක් පුන් පොහොය දිනයේදී පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සීල භාවනා වැඩසටහන පැවැත්වෙන්නේ පහත පරිදි ය.
පෙ.ව. 6.00 – 7.00 | සිල් සමාදන් කරවීම සහ පොහොය වැදගත්කම පහදා දීම. උදෑසන බුද්ධ පූජාව පැවැත්වීම. |
පෙ.ව. 7.00 – 8.00 | හීල දානය සහ විවේක කාලය |
පෙ.ව. 8.00 | සිල් සමාදන් වීමට නොහැකි වූවන් හට නැවත සිල් සමාදන් කරවීම, ධර්ම දේශනාව – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ |
පෙ.ව. 10.00 | ගිලන්පස විවේක කාලය |
පෙ.ව. 10.30 | දහවල බුද්ධ පූජාව |
පෙ.ව. 11.00 – 12.30 | දහවල දානය සහ විවේක කාලය |
ප.ව. 12.30 | පුණ්‍යානුමෝදනාව සහ සජ්ඣායනාව |
ප.ව. 1.00 – 3.00 | ධර්ම දේශනය සහ භාවනාව |
ප.ව. 3.00 – 3.30 | ගිලන්පස විවේක කාලය |
ප.ව. 3.30 – 5.00 | ධර්ම සාකච්ඡාව මාතෘකාව – බුදුපසේබුදු මහරහතුන්ගේ භූමිය හඳුනාගනිමු |
ප.ව. 5.00 – 5.30 | විවේක කාලය |
ප.ව. 5.30 – 7.00 | සම්බුද්ධත්ව වන්දනාව |
ප.ව. 7.00 – 7.45 | විවේක කාලය සහ අවට නැරඹීම |
ප.ව. 7.45 සිට පසුදා පහන්වන තුරු |
සර්වරාත්‍රික පාළි – සිංහල මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනය |
පසුවදා පෙ.ව. 6.00 |
සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව |
එමෙන්ම වෙසක් පුන් පොහෝදා සිට මැයි 06 දින දක්වා බාල පණ්ඩිත සූත්‍රය ඇසුරෙන් නිරය සහ දෙව්ලොව පිළිබඳ තොරතුරු විදහා දක්වන විශේෂ නිර්මාණයක් ද මහජන ප්‍රදර්ශනය සඳහා සූදානම් කොට තිබේ. ඒ පිළිබඳ වැඩි විස්තර මෙම සබැඳිය ඔස්සේ දැනගත හැකිය.