පගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විස්මිත විජයග‍්‍රහණය වන ශ‍්‍රී සම්බුද්ධත්වය මින් වසර 2600 කට පෙර දඹදිව නේරංජරා නදිය අසබඩ බෝ සෙවණෙහි දී වජිරාසනය මත වැඩ හිඳ සාක්ෂාත් කරන ලදී. ඒ සමඟ ම නුවණැති දෙව් මිනිසුන් හට අසිරිමත් විමුක්ති යුගයක් උදා විය. අප භාග්‍යවතුන් වහන්සේගේ 2600 වන අසිරිමත් සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා ඒ උතුම් සම්බුද්ධත්වයට උපහාර පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ පින්බර පුණ්‍ය සංකල්පයකට අනුව, මහමෙව්නාව භාවනා අසපුව මඟින් මහත් ශ‍්‍රද්ධාවෙන් ඉදිකරන ලද සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව ගෞතම බුදු සසුනට පූජා විය.

අඩි 107ක් උසැති මහල් දෙකකින් යුත් මෙම අසිරිමත් විහාර මන්දිරය හෙළ කළාකරුවන්ගේ දෑතින් නිමැවුණ විශ්මයජනක නිර්මාණයකි. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් සුගන්ධ කුටිය සිහිගන්වමින් මුළුමනින්ම සඳුන් දැවයෙන් සුසැදි සුගන්ධ කුටියෙහි ගෞතම බුදු රජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා ද, ජීවමාන බුදුරජාණන් වහන්සේ පිරිවැරූ නිකෙළෙස් මහා සඟ රුවණ සිහිගන්වමින් උතුම් අරහන්තක ධාතූන් වහන්සේලාද වැඩසිටිති. නිකෙළෙස් මුණිවරුන් පිරිවරාගත් දිවමන් බුදු රජුන් වැඩසිටින්නාක් මෙන් වූ මෙම අසදෘශ විහාර මන්දිරය වැඳපුදා ගැනීමට ලොව නන් දෙසින් සුවිශාල ජනකායක් නිති පැමිණෙති…

ලක්දිව  අතීත ශ්‍රී විභූතිය සිහිපත් කරමින් මෑත යුගයේ ඉදිවූ මෙම අසදෘශ විහාර මන්දිරය ශ්‍රද්ධාවේ මහා ප්‍රාතිහාර්යයකි. භික්‍ෂු – භික්‍ෂුණී – උපාසක – උපාසිකාවන්ගේ බුද්ධෝපහාරයේ අශ්චර්යය කි.

මෙලෙස මහත් ශ්‍රද්ධාවන් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසා ඉදිවූ, සුවිශාල සැදැහැතියන් පිරිසකගේ නිති වන්දනාමානයට පාත්‍ර වන  මෙම මනෝරම්‍ය වූ විහාර මන්දිරයෙහි නවීකරණ කටයුතු සඳහා පින්වත් ඔබටද දායක වී මාහැඟි පුණ්‍යධර්මයන් රැස්කර ගැනීමේ මහානීය අවස්ථාවක් උදාවී ඇත..

සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගාවේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවහන්සේගේ අලංකාර බුදුරැස් මාලාව

අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දසදහසක් ලෝක ධාතුවම සම්බුදු රැසින් නහවමින් උතුම් සම්බුද්ධත්වයට පත්වන වේලේ විහිදුනු සවනක් ඝණ සම්බුද්ධ රශ්මි මාලාවන් සංකේතවත් කරමින් සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවෙහි වැඩසිටින ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සිරස වටා අලංකාර බුදුරැස් මාලාවක් නිමැවෙමින් පවතී

ස්වර්ණ වර්ණ ආලේපිත, පිත්තල ලෝහයෙන් නිමවන මනරම් කැටයමින් සුසැදි මෙම බුදුරැස් මාලාව රැස් දහරා 21 කින් සමන්විත වේ. අඩි 9ක දිගින් හා අඩි 1.5 ක පළලින් යුතු එක් රැස් දහරාවක බරපැන රු. 1,25,000 කි.

මෙම රැස් මාලාව සඳහා සම්පූර්ණ බරපැන මේ වන විට භාරගෙන ඇති අතර ඒ සඳහා පින්වත් ඔබේ දායකත්වය ලැබී ඇති අකාරය පහතින් සඳහන් වේ. මෙම මාහැඟි පුණ්‍යකර්මය සඳහා ශක්ති පමණින් ආධාර කරමින් දායකත්වය ලබාදුන් සැදැහැවත් ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්යසත්‍ය අවබෝධ කරගැනීමේ දුර්ලබ භාග්‍ය උදාවේවා ! යි ඉත සිතන් සෙත් පතමු.

(බුදුරැස් මාලාවේ එක් රැස් දහරාවක්)

  1. කොරියාව මහමෙව්නාව භාවනා අසපුවට සම්බන්ධ සැදැහැවත් පිරිස.
  2. එංගලන්තය මහමෙව්නාව භාවනා අසපුවට සම්බන්ධ සැදැහැවත් පිරිස.
  3. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පදිංචි සන්විධ හේරත් මහත්මා ඇතුළු පිරිස.
  4. කටාර් හි පදිංචි සසික උදයංග මහත්මා.
  5. මේ වන විට භාරගෙන ඇති කොටස් (රු. 2500) වල එකතුවෙන් මෙම රැස් දහර සම්පූර්ණ විය.
  6. එංගලන්තයේ පදිංචි ශිරාණි මුණසිංහ මහත්මිය.
  7. නවසීලන්තයේ පදිංචි අරුණ ලක්මාල් මහත්මා.
  8. ඉතාලියේ පදිංචි තනූජා අබේවික්‍රම මහත්මිය ඇතුළු පිරිස.
  9. ජනක ප්‍රේමතිලක මහත්මා.
  10. ඉතාලියේ පදිංචි නලින්ද තරංග මහත්මා ඇතුළු පිරිස.
  11. ලලනා වේරගොඩ මහත්මිය.
  12. ලලනා වේරගොඩ මහත්මිය.
  13. ලලනා වේරගොඩ මහත්මිය.
  14. නවසීලන්තයේ පදිංචි නඳුන් ජයවර්ධන මහත්මා.
  15. ඕස්ට්‍රේලියාවේ සිඩිනි නුවර පදිංචි උදයංග ප්‍රසන්න හෙට්ටිආරච්චි මහත්මා.
  16. මේ වන විට භාරගෙන ඇති කොටස් (රු. 2500) වල එකතුවෙන් මෙම රැස් දහර සම්පූර්ණ විය.
  17. වත්තල පදිංචි සුගත් ජයවික්‍රම මහත්මා සහ චන්දික ජයවික්‍රම මහත්මා ඇතුළු පිරිස.
  18. සිංගප්පූරුවේ පදිංචි අධිකාරම්ගේ ඉෂාර මහත්මා, අනුරංගි මහත්මිය සහ රංගන අමරසේකර මහත්මා සහ අචිනි මහත්මිය ඇතුළු පිරිස.
  19. ශිරන්ත සුභසිංහ මහත්මා සහ නිසංසලා මහත්මිය ඇතුළු පිරිස.
  20. ශිරන්ත සුභසිංහ මහත්මා සහ නිසංසලා මහත්මිය ඇතුළු පිරිස.
  21. මේ වන විට භාරගෙන ඇති කොටස් (රු. 2500) වල එකතුවෙන් මෙම රැස් දහර සම්පූර්ණ විය.

සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව
සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව
ඒතදග්ගං භික්ඛවේ මම සාවකානං මහාපඤ්ඤානං යදිදං සාරිපුත්තෝ, ඒතදග්ගං භික්ඛවේ මම සාවකානං ඉද්ධිමන්තානං යදිදං මහාමොග්ගල්ලානෝ.

පින්වත් මහණෙනි, මේ පින්වත් සාරිපුත්තයන් වනාහී මාගේ ශ්‍රාවක වූ මහා ප්‍රඥාවන්ත භික්ෂුන් අතරින් අග්‍ර භාවයට පත්වන්නේය, මේ මහා මොග්ගල්ලානයන් වනාහී මාගේ ශ්‍රාවක වූ ඉර්ධිමත් භික්ෂුන් අතරින් අග්‍ර භාවයට පත්වන්නේය.

ඒතදග්ග පාලි – අංගුත්තර නිකාය

සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ අභිනවයෙන් ඉදිවන අග්‍රශ්‍රාවක ප්‍රතිමා වහන්සේලා

රහතන් වහන්සේ යන නම පවා ඇසීම සුන්දර දෙයකි. රහතන් වහන්සේ නමක් දැකගන්නට ලැබීම පවා මහත් වාසනාවකි. මිනිස් ලොව මිනිසුන් අතර සිටිමින් මහපොළොව මත පා තබා ඇවිද ගිය ඒ රහතන් වහන්සේලා අයත් වන්නේ ආශ්චර්යයවත් මිනිසුන්ගේ ගණයටයි. එවැනි මහෝත්තමයන් වහන්සේලාගෙන් සෝභමාන වූ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ඒකාලෝක කරමින් සසුනඹරට සුපුන් සඳ වූයේ සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලාය.

දිවමන් මුනිරජුන් පිරිවරා වැඩසිටි, මහා ප්‍රඥා ඇති, මහා තේජස් ඇති ඒ මහෝත්තම අග්‍රශ්‍රාවකයන් වහන්සේලා සිහිගන්වමින්, සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ ප්‍රධාන ගර්භයේ සම්බුද්ධරාජ ප්‍රතිමා වහන්සේ දෙපස අඩි පහක් වූ මනරම් ආසනයක් මත ඉදිවන අග්‍රශ්‍රාවක ප්‍රතිමා වහන්සේලා ගේ උස අඩි 12 කි.

මෙම මාහැඟි  පුණ්‍යකර්මය සඳහා ශක්ති පමණින් ආධාර කරමින් දායකත්වය ලබාදුන් සැදැහැවත් ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ දුර්ලභ භාග්‍යය උදාවේවා ! යි ඉත සිතන් සෙත් පතමු.

විමසීම්

මහමෙව්නාව භාවනා අසපුව,
වඩුවාව, යටිගල්ඔළුව,
පොල්ගහවෙල.

ඊමේල්: info@mahamevnawa.lk
දුරකතන: (0094) 71 05 07 281 /  (0094) 77 10 20 363