මහාවංශය – සිව්වෙනි පරිච්ඡේදය
මහාවංශයෙහි සිව්වෙනි පරිච්ඡේදය වෙන මෙහි විස්තර වන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගත වුන තැන විසාලා මහනුවර වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දස අකැප වස්තු මුල්කරගෙන සබ්බකාමී, යස, රේවත යන මහරහතන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ත්රිපිටකධාරී රහතන් වහන්සේලා සත්සිය නමකගේ සහභාගීත්වයෙන් විසාලා මහනුවරදී කාලාශෝක රජුගේ අනුග්රහය යටතේ දෙවන ධර්ම සංගායනාවෙන් බුදු සසුන සුරක්ෂිත කළ ආකාරය ගැනයි.