මහාවංශය

මහාවංශය අවසාන භාගය ද ප්‍රකාශයට පත් වූ වගයි

2020-09-30T16:52:28+05:30November 13th, 2019|News, Special, Special News, මහාවංශය, විශේෂ නිව‍ේදන|

මේ මහාවංශය වනාහී අති දුර්ලභ ඓතිහාසික තොරතුරු ඇතුලත් අනර්ඝ වූ ඓතිහාසික ග්‍රන්ථයකි. එහෙත් ළාමක මිනිසුන් විසින් මේ ග්‍රන්ථයට ‘මුසාවකි’ යි කිය කියා හෙළාදැකීම බරපතල වරදකි. හෙළාදකින්ට පෙර මෙය සම්පූර්ණයෙන් කියවා බැලීම නුවණැති කාගේත් සාධාරණ යුතුකමකි. මහාවංශය කියවාගෙන යාමේදී බොහෝ වර අපට සිතුනේ ‘මෙතෙක් කලක් මෙය කියවන්නට පමා වූයේ මොන අවාසනාවකට ද?’ යන කාරණය යි. එතරම් ම වටිනා ඓතිහාසික තොරතුරුවලින් මහාවංශය සුපෝෂිත ය.

Comments Off on මහාවංශය අවසාන භාගය ද ප්‍රකාශයට පත් වූ වගයි

මහාවංශය ‍ප්‍රථම භාගයේ දෙවන සංස්කරණය නිකුත් වුනා

2019-11-13T19:51:43+05:30November 13th, 2019|News, Special, මහාවංශය, විශේෂ නිව‍ේදන|

මහාවංශයේ ප්‍රථම භාගයට අයත් මුල් පරිච්ඡේද 37 ඇතුලත් ග්‍රන්ථය පාළි ගාථා ද සහිතව 2016 වර්ෂයේදී ප්‍රකාශයට පත්කරන ලද්දේය. එහි පාළි ගාථා ඉවත් කොට ව්‍යාකරණානුකූලව සැකසූ දෙවන සංස්කරණය ද මෙසේ ප්‍රකාශයට පත්කරන ලද වගයි.

Comments Off on මහාවංශය ‍ප්‍රථම භාගයේ දෙවන සංස්කරණය නිකුත් වුනා

මහාවංශය – තිස්හත්වෙනි පරිච්ඡේදය

2019-08-10T13:06:52+05:30August 10th, 2019|මහාවංශය|

අනුරාධපුරයේ දීඝචන්ද්‍ර නැමැති සෙනෙවිතුමන් විසින් කරවන ලද මහාවිහාර පිරිවෙනේ වැඩවසමින් පැරණි හෙළඅටුවාවල තිබුණු විස්තර මනාකොට සාරය වශයෙන් ගෙන මහානාම තෙරුන් වහන්සේ විසින් රචනා කරන ලද මහාවංශයේ මුල්කොටස ය.

Comments Off on මහාවංශය – තිස්හත්වෙනි පරිච්ඡේදය

මහාවංශය – තිස්හයවෙනි පරිච්ඡේදය

2019-08-07T22:04:34+05:30August 7th, 2019|මහාවංශය|

මේ රජකම කියන්නේ නොයෙක් ආකාරයෙන් බොහෝ පින් කරගන්ට උපකාරී වන තනතුරක්. ඒ වගේම බොහෝ පව් කරගන්ටත් හේතුවන තනතුරක්. රජකම කියන්නේ වස මිශ්‍ර කරන ලද මිහිරි භෝජනයක් වැනි දෙයක්. එනිසා සත්පුරුෂ තැනැත්තා කිසි කලෙකත් රාජ්‍යත්වය ඇසුරු නොකළ යුතුයි.

මහාවංශය – තිස්පස්වෙනි පරිච්ඡේදය

2019-08-06T18:24:56+05:30August 6th, 2019|මහාවංශය|

ඔය ආකාරයෙන් නුවණැති අය අසාර වූ ධනය ලැබ ඒ ධනයෙන් සාරවත් වූ බොහෝ පින් කරගන්නවා. අඥානයා ධනයෙන්, බලයෙන් මුලාවට පත්වෙලා කාමයට ඇදී යනවා. ඒ හේතුවෙන් බොහෝ පව් රැස්කරගන්නවා. සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි රජවරු දොළොස් දෙනෙකුගේ පාලනය නම් වූ තිස්පස්වෙනි පරිච්ඡේදය යි.

මහාවංශය – තිස්හතරවෙනි පරිච්ඡේදය

2019-08-04T21:40:31+05:30August 4th, 2019|මහාවංශය|

ඔය ආකාරයෙන් මහාදාඨිකමහානාග රජ්ජුරුවෝ වගේ යහපත් නුවණක් ඇති අය බොහෝ සම්පත් ලබාගෙන ඒ ඉසුරුවලින් මත්නොවී, ප්‍රමාදයටත් පත්නොවී, අධික කාමපිපාසා දුරුකරගෙන, ජනයා පීඩාවට පත්නොකොට, පින්කම්වල ඇලී වාසය කරමින් විවිධ වූ බොහෝ පින්කම් මනා පහන් සිතින් යුක්තව ම කරන්ට ඕනෑ.

Comments Off on මහාවංශය – තිස්හතරවෙනි පරිච්ඡේදය

මහාවංශය – තිස්තුන්වෙනි පරිච්ඡේදය

2019-08-03T18:31:50+05:30August 3rd, 2019|මහාවංශය|

ඉසුරු සම්පත් ලැබුනාට පස්සේ නුවණැති කෙනා තමන්ගේ මෙලොව පරලොව යහපත පිණිසත්, අනුන්ගේ මෙලොව පරලොව යහපත පිණිසත් ඒ සම්පත් යොදවනවා. නමුත් ප්‍රඥාව නැති කෙනෙකුට මහත් වූ භෝග සම්පත් ලැබුණත් ඒ භෝගයන්ට ගිජුව ඉන්නවා විතරයි. එයින් තමන්ගේ වත් අනුන්ගේවත් යහපත සළසන්නේ නෑ.

Comments Off on මහාවංශය – තිස්තුන්වෙනි පරිච්ඡේදය

මහාවංශය – තිස්දෙවෙනි පරිච්ඡේදය

2019-07-28T20:47:28+05:30July 28th, 2019|මහාවංශය|

අපගේ දුටුගැමුණු රජ්ජුරුවෝ වගේ යම් කෙනෙක් කුසල් ම යි උතුම් කියලා පින් කරනවා නම්, පංච ආනන්තරීය පාපකර්මත්, නියත මිථ්‍යා දෘෂ්ටියත් යන නියත වශයෙන්ම ඊළඟ උපතේදී විපාක දෙන කර්ම හැර, අනෙත් නියත නොවන බොහෝ පව් විපාක වසාලමින් තමන්ගේ නිවස බලා යන නිවාස හිමිකාරයෙක් වගේ දෙව්ලොව උපදිනවා. එනිසා නුවණින් යුක්ත තැනැත්තා නිරන්තරයෙන් පින් ම යි කරන්ට ඕනෑ.

මහාවංශය – තිස්එක්වෙනි පරිච්ඡේදය

2019-07-23T20:56:25+05:30July 23rd, 2019|මහාවංශය|

දුටුගැමුණු රජ්ජුරුවෝ වගේ ඉතා පැහැදිලි ශ්‍රද්ධාවකින්, නොකිළිටි සිතින්, තමන්ගේ උත්සාහයෙන් පින් රැස්කරගෙන සියලු සැපයන්ට වඩා අග්‍ර නිවනම පතාගෙන පින් කරන්ට ඕනෑ. නොයෙක් ආකාරයෙන් පිරිවර ජනයා ලැබීමට හේතු වන අනුන් ලවාත් පිරිසිදු සිතින් පින් කරවන්ට ඕනෑ.

මහාවංශය – තිස්වෙනි පරිච්ඡේදය

2019-07-20T21:25:28+05:30July 20th, 2019|මහාවංශය|

අවිද්‍යා අන්ධකාරය නසා ප්‍රඥාවෙන් යුක්ත වූ, ලෝකයෙහි උත්තම වූ, දෙව්මිනිසුන් අතර අතිශයින්ම පිදීමට යෝග්‍ය වූ අපගේ සුගත වූ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටියදී උන්වහන්සේට වන්දනා කිරීමෙන් රැස්වෙන යම් පිනක් ඇද්ද, ජනතාවගේ හිතසුව පිණිස උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ කුඩා කැබලි වලට කැඩී ගිය ධාතූන් වහන්සේලාත්, ඒ සර්වඥ ධාතු පිහිටි රුවන්වැලි මහා සෑය වැනි ස්ථූප පිදීමෙන් රැස් කරන්නා වූ යම් පිනක් ඇද්ද, ඒ පිනත් පුණ්‍යානුභාවයෙන් එක සමාන ය.

Go to Top