අසිරිමත් වෙසක් මංගල්‍යය – ශ්‍රී බු.ව 2560 අද අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල අනුස්මරණය කෙරෙන වෙසක් පුන් පොහෝ දවසයි. අයහපත් කාලගුණ තත්වයක් පැවතියද බොහෝ දෙනෙක් අද දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ උපෝසථ සිල් සමාදන්ව සීල භාවනා වැඩසටහනට සම්බන්ධ වී සිටියා. කුඩා දරුවන් වෙනුවෙන්ද විශේෂ දහම් වැඩසටහනක් පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් පවත්වනු ලැබුවා. උපෝසථ සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට දන්පැන් ගිලන්පස ආදියෙන් උපස්ථාන කොට තවත් පිරිසක් බොහෝ පින් රැස් කරගත්තා. උතුම් තෙමඟුල සිහි කරමින් අද දවසේ ආමිෂ පූජාවෙනුත් ප්‍රතිපත්ති පූජාවෙනුත් අප විසින් භාග්‍යවතුන් වහන්සේට පූජා පැවැත්වුවා. පහත ඡායාරූප වලින් ඔබට දිස්වන්නේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව සහ සිරි ගෞතම දම්සක් මහාසෑය මුළුමනින්ම විදුලි බුබුළින් අලංකාර කොට අසපුවේ පරිසරයත් නොයෙක් වෙසක් සැරසිලි වලින් අලංකාර කොට තිබෙන අයුරුයි. Mahamevnawa Monastery2018-11-22T14:08:56+05:30May 21st, 2016|News, නවතම පුවත්|Comments Off on අසිරිමත් වෙසක් මංගල්‍යය – ශ්‍රී බු.ව 2560 උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... FacebookXLinkedInWhatsAppPinterestEmail Related Posts සේරුවිල නාහිමියෝ පුරාවිද්‍යාවට රන් සම්මාන ලබති සේරුවිල නාහිමියෝ පුරාවිද්‍යාවට රන් සම්මාන ලබති December 14th, 2024 නිලුපුල් මලේ පැහැයෙන් වර්ණවත් වූ, පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින පින්කම නිලුපුල් මලේ පැහැයෙන් වර්ණවත් වූ, පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින පින්කම October 28th, 2024 ‘අනඳ මහතෙරණුවෝ’ නවතම ග්‍රන්ථය දොරට වඩී…! ‘අනඳ මහතෙරණුවෝ’ නවතම ග්‍රන්ථය දොරට වඩී…! August 28th, 2024 බණ්ඩාරවෙල මහමෙව්නාව බෝධිපර්වත මුදුනේ ශ්‍රී සත්බුදු මහාසෑ විහාරය දෙව් මිනිසුන්ගේ වන්දනාමානයට විවෘත වූ වගයි… බණ්ඩාරවෙල මහමෙව්නාව බෝධිපර්වත මුදුනේ ශ්‍රී සත්බුදු මහාසෑ විහාරය දෙව් මිනිසුන්ගේ වන්දනාමානයට විවෘත වූ වගයි… August 20th, 2024 මිහිඳු මහාසෑයේ ධාතු නිධානය පොසොන් පුන් පෝදා සිදු වූ වගයි මිහිඳු මහාසෑයේ ධාතු නිධානය පොසොන් පුන් පෝදා සිදු වූ වගයි June 23rd, 2024