අසිරිමත් වෙසක් මංගල්‍යය – ශ්‍රී බු.ව 2560 අද අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල අනුස්මරණය කෙරෙන වෙසක් පුන් පොහෝ දවසයි. අයහපත් කාලගුණ තත්වයක් පැවතියද බොහෝ දෙනෙක් අද දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ උපෝසථ සිල් සමාදන්ව සීල භාවනා වැඩසටහනට සම්බන්ධ වී සිටියා. කුඩා දරුවන් වෙනුවෙන්ද විශේෂ දහම් වැඩසටහනක් පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් පවත්වනු ලැබුවා. උපෝසථ සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට දන්පැන් ගිලන්පස ආදියෙන් උපස්ථාන කොට තවත් පිරිසක් බොහෝ පින් රැස් කරගත්තා. උතුම් තෙමඟුල සිහි කරමින් අද දවසේ ආමිෂ පූජාවෙනුත් ප්‍රතිපත්ති පූජාවෙනුත් අප විසින් භාග්‍යවතුන් වහන්සේට පූජා පැවැත්වුවා. පහත ඡායාරූප වලින් ඔබට දිස්වන්නේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව සහ සිරි ගෞතම දම්සක් මහාසෑය මුළුමනින්ම විදුලි බුබුළින් අලංකාර කොට අසපුවේ පරිසරයත් නොයෙක් වෙසක් සැරසිලි වලින් අලංකාර කොට තිබෙන අයුරුයි. Mahamevnawa Monastery2018-11-22T14:08:56+05:30May 21st, 2016|News, නවතම පුවත්|Comments Off on අසිරිමත් වෙසක් මංගල්‍යය – ශ්‍රී බු.ව 2560 උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... FacebookXLinkedInWhatsAppPinterestEmail Related Posts මියන්මාර භූකම්පනයෙන් අසරණ වූ ජනතාවට මහමෙව්නාවෙන් රු. මිලියන 16 ක්. මියන්මාර භූකම්පනයෙන් අසරණ වූ ජනතාවට මහමෙව්නාවෙන් රු. මිලියන 16 ක්. June 30th, 2025 | 0 Comments ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය ගෞතම බුදු සසුනට පූජා වූ වගයි! ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය ගෞතම බුදු සසුනට පූජා වූ වගයි! May 17th, 2025 බක් පුන් පොහෝ දා ගෞතම බුදු සසුනට පූජා වූ අග්‍රගණ්‍ය විහාර මන්දිරය – බුදු පසේබුදු අරහන්තක මහා විහාරය බක් පුන් පොහෝ දා ගෞතම බුදු සසුනට පූජා වූ අග්‍රගණ්‍ය විහාර මන්දිරය – බුදු පසේබුදු අරහන්තක මහා විහාරය April 17th, 2025 අනගාරිකා අසපුවේ නව කුටි සංකීර්ණයට දායක වූ සැමට පුණ්‍යානුමෝදනා! අනගාරිකා අසපුවේ නව කුටි සංකීර්ණයට දායක වූ සැමට පුණ්‍යානුමෝදනා! March 18th, 2025 යොවුන් දහම් සක්මන – 2025 යොවුන් දහම් සක්මන – 2025 February 17th, 2025