වෙසක් තෙමඟුල් සැමරුම

වෙසක් පුන් පොහෝ දින සීල භාවනා වැඩසටහන
උදෑසන 5.30 සිට පසුදින උදෑසන 6 දක්වා

ශ්‍රද්ධා රූපවාහිනී සජීව විකාශය
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ සිට..

මේ පින්බර වෙසක් සමයේ දී
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයට පැමිණෙන පින්වත් ඔබට

උතුම් ශ්‍රී පාද පද්මයේ සහ සමනළ කන්දේ අනුරුව,
විදුලි ආලෝක පූජාවන්ගෙන් අලංකාරවත් වූ
සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව,
සිරි ගෞතම දම්සක් මහා සෑ රජාණන් වහන්සේ සහ
සිරි ගෞතම බෝධීන් වහන්සේ

වන්දනා කරගැනීමේ අවස්ථාව සැළසේ.

සිරිලක මුදුන් මල්කඩ සමනල ගිරිහිස පිහිටුවා වදාළ
අප මුනිඳුන්ගේ උතුම් වාම සිරිපා පද්මයට උපහාර පිණිස පැවැත්වෙන

උතුම් ශ්‍රී පාද පත්ම වන්දනාව

සවස 5.30 සිට 7 දක්වා
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු පින්බිමෙහි සිරිපා අනුරුව අභියස දී

උතුම් සම්බුද්ධත්වය පිණිස අප මහ බෝසතාණන් වහන්සේට සෙවණ සලසාලූ
ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේට උපහාර පිණිස පැවැත්වෙන

 සිරි ගෞතම බෝධි වන්දනාව

සවස 5.30 සිට 7 දක්වා
සිරි ගෞතම බෝධීන් වහන්සේ අභියස දී

අප දම් රජාණන් වහන්සේගේ උතුම් ධර්මචක්‍ර ජයන්තියට උපහාර පිණිස ඉදිවූ
සිරි ගෞතම දම්සක් මහා සෑ රජුන් අභියස පැවැත්වෙන

 දම්සක් මහා සෑ වන්දනාව

සවස 5.30 සිට 7 දක්වා

අපගේ සම්බුදුරජාණන් වහන්සේගේ පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මය අන්තර්ගත සූත්‍ර පිටකයට අයත් තෝරාගත් සූත්‍ර දේශනා ඇසුරින් වෙසක් මස 01 වන දින සිට 08 වන දින දක්වා ත්‍රිපිටක සජ්ඣායනයක් පැවැත්වේ. මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා සහ කුණඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ “සිඟිති ලොවට බුදු සමිඳු වඩිනවා” ළමා වැඩසටහනේ පින්වත් දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් සිදුකරනු ලබන මෙම අසිරිමත් ත්‍රිපිටක සජ්ඣායනය සෑම දිනකම උදෑසන 7.30 සිට සවස 4.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ පින්බර වෙසක් සමයේ පින්වත් මහා සඟරුවන හා එක්ව දහම් සජ්ඣායනා කරමින් උතුම් ධර්මයේ ආශිර්වාදය ලබන්නට පින්වත් ඔබට කෙරෙන පින්බර ඇරයුමයි…!

වෙසක් මස 01 වැනි දින සිට 08 වැනි දින දක්වා සෑම දිනකම රාත්‍රී 7.00 සිට 8.30 දක්වා උතුම් ධර්ම දේශනාවක් ද පැවැත්වේ..

උතුම් තෙරුවනේ අනන්ත ගුණස්කන්ධයේ අනුසස් සැලසෙන තුන් බිය දුරලූ උත්තම
රතන සූත්‍ර සජ්ඣායනය

ධර්ම දේශනය – රතන සූත්‍රය ඇසුරින්

ධර්ම භාණ්ඩාගාරික අනඳ මහ තෙරුන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය
දීඝභාණක පරපුර මතකයේ දරාගත්
සැදැහැසිත් වඩවන
සූත්‍ර පිටකයට අයත්
දීඝ නිකායේ සූත්‍ර සජ්ඣායනය

ධර්ම දේශනය – මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන්

ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය
මජ්ඣිම භාණක පරපුර මතකයේ දරාගත්
මිසදිටු මත මැඩ උතුම් බුදු වදන් ඉස්මතු කරවන 
සූත්‍ර පිටකයට අයත්
මජ්ඣිම නිකායේ සූත්‍ර සජ්ඣායනය

ධර්ම දේශනය – අරිය පරියේසන සූත්‍රය ඇසුරෙන්

ධුත ගුණයෙන් අග තැන්පත් සසුන් බර දැරූ මහා කස්සප මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය සංයුත්ත භාණක පරපුර මතකයේ දරාගත්
ගැඹුරු දහම් අරුත් ඉස්මතු වන 
සූත්‍ර පිටකයට අයත්
සංයුත්ත නිකායේ සූත්‍ර සජ්ඣායනය

ධර්ම දේශනය – අභිසමය සංයුත්තය ඇසුරින්

ධුත ගුණයෙන් අග තැන්පත් සසුන් බර දැරූ මහා කස්සප මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය සංයුත්ත භාණක පරපුර මතකයේ දරාගත්
ගැඹුරු දහම් අරුත් ඉස්මතු වන 
සූත්‍ර පිටකයට අයත්
සංයුත්ත නිකායේ සූත්‍ර සජ්ඣායනය

ධර්ම දේශනය – සෝතාපත්ති සංයුත්තය ඇසුරින්

දිවැස්ලාභීන් අතර අග්‍ර වූ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය
අංගුත්තර භාණක පරපුර මතකයේ දරාගත්
විචිත්‍ර දහම් අරුත් ඉස්මතු වන 
සූත්‍ර පිටකයට අයත්
අංගුත්තර නිකායේ සූත්‍ර සජ්ඣායනය

ධර්ම දේශනය – නගරූපම සූත්‍රය ඇසුරෙන්

තුන්ලොවට ම මහා ප්‍රඥාලෝකය වූ සම්බුදුරජාණන් වහන්සේගේ
අනන්ත සම්බුදු ගුණස්කන්ධයේ ආශිර්වාදය සැළසෙන 
උතුම් සම්බුදු ගුණ සජ්ඣායනය

ධර්ම දේශනය – අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

පසළොස් භාණක පරපුර විසින් මතකයේ දරාගත්
අසිරිමත් දහම් කරුණු වලින් ප්‍රතිමණ්ඩිත 
ඛුද්දක නිකායේ සූත්‍ර සජ්ඣායනය

ධර්ම දේශනය – ධම්මපදය ඇසුරින්

වෙසඟේ ලොව ඉපදී, වෙසඟේ ලොව ජයගත්
අප මුනි රජාණන් වහන්සේට
වෙසඟේ සිදු කරන අති උත්තම ආමිස හා ප්‍රතිපත්ති පූජාව

සීල සමාදානය
උදෑසන 5.30 සිට පසුදින උදෑසන 6 දක්වා

 ශ්‍රී සම්බුද්ධ චරිතාපදානාභිවන්දනා
සවස 6 සිට රැය පහන් වන තුරු

උතුම් සම්බුද්ධත්වය පිණිස අප මහ බෝසතාණන් වහන්සේට සෙවණ සලසාලූ
ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේට උපහාර පිණිස පැවැත්වෙන

ධර්ම දේශනය – සවස 4 සිට 5 දක්වා

 සිරි ගෞතම බෝධි වන්දනාව
සවස 5.30 සිට 7 දක්වා

ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා දරා වැඩහිඳිමින්, අප සැමට සෙත සලසන
සිරිලක මුදුන් මල්කඩ වන් අනුරපුර ස්වර්ණමාලී මහ සෑ රදුන්ට උපහාර පිණිස පැවැත්වෙන

ධර්ම දේශනය – සවස 4 සිට 5 දක්වා

 ස්වර්ණමාලී මහා සෑ වන්දනාව
සවස 5.30 සිට 7 දක්වා

කල්ප සියයක් ඇතුළත ලොව පහළ වී, දම්ගොස පතුරුවමින් ලොවම පුවපත් කළ,
සත්බුදු රජාණන් වහන්සේලාගේ විස්තරය ගෙනහැර පාමින් සිදුකෙරෙන,

ධර්ම දේශනය – සවස 4 සිට 5 දක්වා

 අසිරිමත් සත්බුදු වන්දනාව
සවස 5.30 සිට 7 දක්වා

හුදෙකලාවේ ම නිවන් සුව ලැබ, හුදෙකලාවේ ම නිවන් සුව විඳ,
හුදෙකලාවේ ම සැඟව යන, පසේබුදු රජාණන් වහන්සේලාට උපහාර පිණිස සිදුකෙරෙන,

ධර්ම දේශනය – සවස 4 සිට 5 දක්වා

 අසිරිමත් පසේබුදු වන්දනාව
සවස 5.30 සිට 7 දක්වා

වෙසඟේ ලොව ඉපදී, වෙසඟේ ලොව ජයගත්
අප මුනි රජාණන් වහන්සේට
වෙසඟේ සිදු කරන අති උත්තම ආමිස හා ප්‍රතිපත්ති පූජාව

සීල සමාදානය – උදෑසන 6 සිට පසුදින උදෑසන 6 දක්වා

 සම්බුුද්ධත්ව වන්දනාව
සවස 5.30 සිට 7 දක්වා

නොයෙකුත් වෘත්තීන්හී නියැලෙන පින්වතුන් සඳහා පවත්වනු ලබන
සදහම් වැඩසටහන

උදෑසන 8 සිට සවස 4 දක්වා – අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පවත්වනු ලබන
සදහම් වැඩසටහන

උදෑසන 8 සිට සවස 4 දක්වා – අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී

තරුණියන් (වයස අවු 15-35) සඳහා පවත්වනු ලබන
සදහම් වැඩසටහන

උදෑසන 8 සිට සවස 4 දක්වා – අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී

උතුම් බුද්ධෝපස්ථානයක් ලෙස සිදුකරනු ලබන ගිලානෝපස්ථාන පින්කම
සුප් දානය සහ ආශිර්වාද පින්කම

දිනය පුරාවට – අනුරාධපුර මහ රෝහලේ දී

පාසැල් ළමුන් සඳහා පවත්වනු ලබන
සදහම් වැඩසටහන
උදෑසන 8 සිට සවස 4 දක්වා – අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී

ස්වර්ණමාලි මහා සෑ වන්දනාව
සවස 5 සිට 7 දක්වා – පාසැල් ළමුන් සමඟ ස්වරණමාලී මහා සෑ රජුන් අභියස දී

ළමා සදහම් වැඩසටහන

උදෑසන 8 සිට සවස 4 දක්වා – අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී

යොවුන් දූ දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන
යොවුන් සදහම් වැඩසටහන

උදෑසන 8 සිට සවස 4 දක්වා – අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී

විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල, බාහිර උපාධි අයතන, පුද්ගලික පන්ති වල අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් සඳහා
සදහම් වැඩසටහන

උදෑසන 8 සිට සවස 4 දක්වා – අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී

ගර්භණී මාතාවන් 1000ක් සඳහා පවත්වනු ලබන
ආශිර්වාද පින්කම සහ සදහම් වැඩසටහන

උදෑසන 8 සිට සවස 4 දක්වා – අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී
(මවුවරුන් හට අංගුලිමාල පිරිත ඇතුළු සෙත් පිරිත් සජ්ඣායනා කර පිරිත් නූල් ලබාදීම ද එදිනට සිදුවේ.)

වෙසඟේ සිදු කරන අති උත්තම ආමිස හා ප්‍රතිපත්ති පූජාව
වෙසක් පොහෝ දා සීල භාවනා වැඩසටහන

උදෑසන 6 සිට පසුදා පහන්වන තුරු – අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී

ඉහත සඳහන් වන මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන් මෙන්ම දිවයින පුරා පිහිටි මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන් ද විදේශයන් හී පිහිටි මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන් ද කේන්ද්‍ර කරගනිමින් විශේෂ වෙසක් සදහම් වැඩසටහන් ක්‍රියාත්මක වේ.