සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද විෂම භාග චිත්‍රපටයේ අභිමානවත් මංගල දර්ශන ද්විත්වය අගෝස්තු 24 සහ 25 දෙදින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඇස්ටර් තියටර් (Astor Theatre) සිනමා ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත් වූ වගයි. ලෝකයේ නන්දෙස අන්තර්ජාතික සිනමා උළෙලවල් රැසක දී විෂම භාග ජයගත් සිනමා සම්මානයන් ඕස්ට්‍රේලියාවේ දී මහජන ආරක්ෂාව, රේගු සහ බහු සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යය ජේසන් වුඩ් (Jason wood) මැතිඳුන්ගේ සුරතින් විෂම භාග සිනමා ශිල්පීන් වෙත පිරිනැමීම ද මෙහිදී සිදුවිය. ඉන් පසු උදා වූයේ ලොව විශිෂ්ඨතම කලාත්මක සිනමා කෘතියක් ලෙස අභිෂේක ලැබූ විෂම භාග රිදී තිරයේ දිග හැරෙනා අපූරු නිමේෂයයි.