යහගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන තාරුණ්‍යයම ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන 2017 ‘ සදහම් වැඩසටහන 2017 පෙබරවාරි 19 වැනි දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී අතිසාර්ථකව නිමා විය.
අපගේ ගුරුදේවොත්තම කල්‍යාණමිත්‍ර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබූ බුද්ධ වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සූත්‍ර සජ්ඣායනා ආදී නන්විධ පුණ්‍ය දහරාවන්ගෙන් සමන්විත වූ මෙම වැඩසටහනේ දී පසුගිය පෙබරවාරි 14 වැනි දින පැවැත්වූ පුංචි හදට සුවය දෙන්න මනුෂ්‍යත්වයේ පා ගමනේ දී එකතු වූ මුදල Little hearts අරමුදල වෙත නිල වශයෙන් පරිත්‍යාග කිරීම ද සිදුවිය.
මෙම උතුම් ධර්මදානමය පුණ්යකර්මයෙන් රැස් වූ සියලු පින් ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියන්ටත් මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනගාරිකා මෑණිවරුන්ටත්, අනගාරික පින්වතුන්ටත් අනුමෝදන් වෙත්වා.
මේ උතුම් කටයුත්ත සාර්ථක කරගනු පිණිස නන් අයුරින් උපකාර කළ සියලු පින්වතුන්ටත්, වැඩසටහනට සහභාගී වූ තරුණ, වැඩිහිටි සියලු පින්වතුන්ටත්, දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් අනුමෝදන් වෙත්වා! සුවසේම පින් රැස් කර ගනිමින් සිල් ගුණදම් ආරක්ෂා කරගනිමින් මේ ගෞතම බුදුසසුන තුළ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!
Sadu sadu sadu….!!!
When we can watch this program on Saddha TV?
Sadu sadu ….satutu sitin anumodam wemi.
ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව මෙම වැඩසටහනට මමත් සහභාගී වුනා. අති පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ විසින් ලබාදුන් උපදෙස් මිල කළ නොහැකියි. මෙම වටිනා වැඩසටහන සංවිධානය කළ සැමට බොහොම පින්.
සතුටු සිතින් අනුමෝදම් වෙමි.අපිට ධර්මය කියා දෙන අපේ ගුරැවොත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
සැබැවින්ම ආශ්චර්යයි. භාග්‍යවතුන් වහන්සේ ව ආදරයෙන් සරණ යන්නට භාග්‍යවතුන් වහන්සේගේ දහම් කැඩපතින් ජීවිතය දකින්නට ඒ සොදුරු ගුණ ඇති සත්පුරුෂයන් වහන්සේලා ව හදවතින් ම ඇසුරු කරන්නට මග කියා දුන් ගුරු දෙවිදාණෙනි, අප ඔබ වහන්සේට සැමදා ණයගැතියි. නමෝ බුද්ධාය…….. !!!
apita jevethaya kiyadena ape guru dewayan vahanseta mage namaskaraya weva
sathutu sithin a pina awaboda wemi
namo buddhaya
sathutu sithin anumodam vimi
භාග්‍යවත් සම්මා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සුවඳ තරුණ හදට ලංකොට තරුණ ජවය උතුම් තෙරුවනට පුජා කොට සිල්ගුණ දම් පුරණ පරපුරක් තැනීමට පින්වත් ලොකු ස්වාමින් වහන්සේ දරණ සියලු උත්සාහයන් සියලු දෙවි රැකවරණින් තවත් චිරාත් කාලයක් සිදුවේවා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය මේ ගෞතම සම්බුදු සසුන තුලදීම අවබෝධ වීමට මේ පින් හේතු වේවා.
නමෝ බුද්ධාය!
මෙම උතුම් පුණ්‍යවන්ත දහම් වැඩසටහන හරියට ඉතාමත් සුන්දරව කඩා හැලෙන දිය ඇල්ලක් වගේ. එතරම්ම සුන්දර බවකින් අපමණ පුන්යධර්මයන් දැකබලා පුදුම සතුටකින් ඒ සියලු පින්කම් අනුමෝදන් වෙන්න වාසනාව උදා උනා. උතුම් සහ්පුරුෂයන් වහන්සේලා මේ මිහිතලයම බබලන මැණිකක් වගේ.උතුම් සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුර අත්නොහැර ලැබේවා!!! සාදු..සාදු..සාදු…!!!
සාදු සාදු සාදු!
නමෝ බුද්ධාය!
සතුටු සිතින් අනුමෝදන් වෙමි!
සාදු සාදු සාදු!