අද සිට ශ්‍රද්ධා ගුවන් විදුලිය තරංග මාලා 105.2 න් දිවයින පුරා ඔබේ දෙලොවම සුවපත් කරන ගුවන්විදුලි කලණ මිතුරා ශ්‍රද්ධා ගුවන්විදුලිය අපගේ ධර්මස්වාමී වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් පණිවිඩය සකල ලෝ වාසී දෙව් මිනිසුන්ගේ යහපත උදෙසා පතුරුවාලීම පිණිසත් අප ලක් වැසියන් හට ආර්ථික, සමාජීය නිසි මග පෙන්වීමන් ලබාදෙනු පිණිසත් සරණක් ඇවැසි අපේ ම සහෘදයන් වෙත කරුණා පෙරදැරිව සෙනෙහසින් අතදෙනු පිණිසත් අපේ කම, අපේ දේ සුරකින අභිමානවත් ජාතියක් තනනු පිණිසත් 2013 දුරුතු මස පුන් පොහෝ දින අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් ඇරඹි ශ්‍රද්ධා ගුවන්විදුලිය තවතවත් දේශයට යහපත උදාකරලීමට ස්වර්ණමය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2560 වන ශ්‍රී බුද්ධ වර්ෂ ලැබීමත් සමගින් සාමාන්‍ය ගුවන්විදුලි නාලිකාවක් ලෙස FM තරංග මාලා 105.2 න් දිවයින පුරා ගුවනට මුසු වූ වගයි. Mahamevnawa Monastery2016-11-08T10:09:45+05:30May 21st, 2016|News, නවතම පුවත්|Comments Off on අද සිට ශ්‍රද්ධා ගුවන් විදුලිය තරංග මාලා 105.2 න් දිවයින පුරා උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... FacebookXLinkedInWhatsAppPinterestEmail Related Posts පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2025 පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2025 October 13th, 2025 | 3 Comments ගාල්ල මහමෙව්නාවේ අභිනව දම්සභා මණ්ඩපය බුදුසසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය ගාල්ල මහමෙව්නාවේ අභිනව දම්සභා මණ්ඩපය බුදුසසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය July 13th, 2025 මියන්මාර භූකම්පනයෙන් අසරණ වූ ජනතාවට මහමෙව්නාවෙන් රු. මිලියන 16 ක්. මියන්මාර භූකම්පනයෙන් අසරණ වූ ජනතාවට මහමෙව්නාවෙන් රු. මිලියන 16 ක්. June 30th, 2025 ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය ගෞතම බුදු සසුනට පූජා වූ වගයි! ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය ගෞතම බුදු සසුනට පූජා වූ වගයි! May 17th, 2025 බක් පුන් පොහෝ දා ගෞතම බුදු සසුනට පූජා වූ අග්‍රගණ්‍ය විහාර මන්දිරය – බුදු පසේබුදු අරහන්තක මහා විහාරය බක් පුන් පොහෝ දා ගෞතම බුදු සසුනට පූජා වූ අග්‍රගණ්‍ය විහාර මන්දිරය – බුදු පසේබුදු අරහන්තක මහා විහාරය April 17th, 2025