ලක්දිව භික්ෂුණී සංඝයා ස්ථාපිත කරවනු වස් උඳුවප් මස පුර පෑලවිය දිනයේ මෙහි වැඩම කොට වදාළ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ සමඟින් වැඩම කරවන්නට යෙදුණු ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ බෝධි ශාඛාව අනුරපුර උඩමළුවේ මහා පෙළහර පාමින් රෝපණය වූයේ අද වැනි උඳුවප් මස පුන් පොහෝ දිනක ය. තෙරුවන් සරණ ගිය සැදැහැවත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් හට අනුස්මරණීය වූ සිදු විම් කිහිපයක් ම සිදු වී ඇති මේ පින්බර උඳුවප් පුන් පොහෝ දිනයේදී දිවයිනේ නන් දෙස විසිරී ඇති මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන් කේන්ද්‍ර කරගනිමින් සුවිෂේශී පින්කම් රාශියක් සිදුවිය.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින් ඇරඹි සදහම් පොත් කට්ටල් නොමිලයේ පරිත්‍යාක කිරීමේ පුණ්‍ය කර්මය යටතේ තවත් පොත් කට්ටලයන් 05 ක් දිවයින පුරා විහාරස්ථාන, දහම්පාසැල්, පාසැල්, පුස්ථකාල ආදී ආයතනයන් සඳහා පිරිනැමීමේ මාහැඟි පුණ්‍යකර්මය පින්බර ඉල් පුන් පොහෝ දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී සිදුවිණි. එයට සමගාමීව තවත් පොත් කට්ටලයන් 03 ක් මාතර මහා විහාරයේදී ද පරිත්‍යාග කරන ලදි.

මෙම උතුම් ධර්ම දානමය පුන්‍යකර්මයෙන් ජනිත සියලු පුණ්‍ය ධර්මයන්, පොත් කට්ටල් බෙදා දීම සඳහා මහත් ශ්‍රද්ධාවෙන් යතුව පරිත්‍යාගයන් ලබා දුන් සියලු පින්වතුන්ටත්, පින් කැමති සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා…!

ශ්‍රී බුද්ධ වර්ෂ 2558ක් වූ පින්බර උඳුවප් පුන් පොහෝ දින (06 දින) සදහම් පොත් කට්ටලයන් ලද ආයතනයන්

  • 01. ශ්‍රී දෙව්රම් බෝධිමළු විහාරය, පරගහවත්ත, හේනේගම, අකුරැස්ස. මාතර
  • 02. ආනන්දමෛත්‍රීය ජාතික පාසල, බලංගොඩ.
  • 03. ගැමුණු මධ්‍ය මහා විද්‍යාලය, ඉංගරදවුල, නාරංගොඩ.
  • 04. දීයගහ බටහිර මහා විද්‍යාලය, නාවිමන, මාතර
  • 05. නාවිමන මහාරාජ මහා විද්‍යාලය, මාතර
  • 06. ශාන්තිවාදී දහම් පාසල, ශ්‍රී විවේකාරාමය, නිකගොල්ල, කුඹුක්වැව.
  • 07. වෙල්ලස්ස බෞද්ධ සංසදය, ත්‍රිමාණ උසස් අධ්‍යාපන ආයතනය, මොණරාගල.
  • 08. බෞද්ධ සංගමය, දකුණු ආසියානු තාක්ෂණික හා වෛද්‍ය ආයතනය (SAITM), මාළඹේ