සුගිය නවම් පුන් පොහෝ දා (03) එරත්න අඩවිකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදි කරන ලද සිරි ගෞතම සම්බුදු සිරිපා මහා සෑරජාණන් වහන්සේ ගෞතම බුදු සසුනට පූජා කිරීමේ උතුම් පින්කම සිදු විය.
අපගේ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රීපාද පද්මය ද, සුමන සමන් දෙව් රජුන් ද සිහි ගන්වන මෙම උතුම් මහා සෑය බුදු සසුනට පූජා කිරීමෙන් රැස් වූ සියළු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියල්ලෝ ම අනුමෝදන් වෙත්වා !